විදෙස් රැකියා වංචාවට හසුවූවන්ට සහන මුදල් - විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ජනතාවට දැනුම්දීමක්

Report

විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ විදෙස් රැකියා වංචනික ක්‍රියාවලට හසු වූ වින්දිතයින්ට රුපියල් ලක්ෂ 1,945කට අධික මුදලක් යළි අයකර දීමට පියවර ගෙන ඇති බවයි.

එහිදී එම වංචනික ක්‍රියාවල නිරත වූ පුද්ගලයින් හා බලපත්‍ර රහිත රැකියා නියෝජිත ආයතනවලට එරෙහිව නඩු පවරා මෙම මුදල් අයකරගත් බව වාර්තා වේ. සදහන් වන ආකාරයට විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පසුගිය මාස 5 තුළ විදේශ රැකියා වංචාකරුවන්ට එරෙහිව නඩු 244ක් පවරා ඇති අතර, එම කාලය තුළ විවිධ පැමිණිලි 2,081ක් ලැබී ඇත.

මුළු රටටම විශේෂ නිවේදනයක් - වාහන අංක තහඩුවේ අවසාන අංකය අනුව හෙට සිට ඉන්ධන - ඔත්තේ හා ඉරට්ටේ දවස් බෙදයි

මුළු රටටම විශේෂ නිවේදනයක් - වාහන අංක තහඩුවේ අවසාන අංකය අනුව හෙට සිට ඉන්ධන - ඔත්තේ හා ඉරට්ටේ දවස් බෙදයි

විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ මෙම කාලය තුළ කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය මගින් සිදුකරන ලද වැටලීම් ප්‍රමාණය 19ක් වන අතර, මෙම කාලය තුළදී වංචනිකයින් 88 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඒ අතරට, බලපත්‍රලාභී රැකියා නියෝජිත ආයතනවල පුද්ගලයින් තිදෙනෙක් අයත් බව ද සඳහන් වෙයි. මේ අතර,ඊශ්‍රායලය, දකුණු කොරියාව, ජපානය, රුමේනියාව හා මැදපෙරදිග රටවල රැකියා ලබාදෙන බව පවසා සමාජ මාධ්‍ය ඔස්සේ මුදල් වංචාකිරීමේ ප්‍රවණතාවය ඉහළ ගොස් ඇති බැවින් කාර්යාංශයෙන් විමසීම් නොකර එවැනි වංචාකරුවන්ට මුදල් ගෙවීමෙන් හා පුද්ගලික ලේඛන ලබාදීමෙන් වළකින ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි.  

රටටම සුභ ආරංචියක් - සුළු මොහොතකට පෙර ගෑස් නැව් දෙකක් ලංකාවට - ආයේ ගෑස් ප්‍රශ්ණේ ඉවරයි

රටටම සුභ ආරංචියක් - සුළු මොහොතකට පෙර ගෑස් නැව් දෙකක් ලංකාවට - ආයේ ගෑස් ප්‍රශ්ණේ ඉවරයි

QR කේතය සඳහා රජයෙන් WhatsApp අංකයක් - දැන්ම ලියාපදිංචි වෙන ලෙස අමාත්‍යාංශය දැනුම්දීමක්

QR කේතය සඳහා රජයෙන් WhatsApp අංකයක් - දැන්ම ලියාපදිංචි වෙන ලෙස අමාත්‍යාංශය දැනුම්දීමක්