අප්‍රේල් පාසල් නිවාඩුවෙන් පසුව රජයෙන් පාසල් ළමුන් වෙනුවෙන් විශේෂ සැලැස්මක් - පාසල් ළමුන්ට දෙන්න යන දේ මෙන්න

Report

6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය 2027 ආරම්භ කිරීමට සූදානම් බවත් ඊට අදාළ සියලු මොඩියුල විශේෂ කමිටු හරහා ගැඹුරින් නැවත සලකා බලමින් පවතින බවත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳ පාර්ලිමේන්තු අනු කමිටුවේ දී අවධාරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳ පාර්ලිමේන්තු අනු කමිටුව ඊයේ (17) දින පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් රැස්ව ඇති අතර එහිදී දී මේ බව සාකච්ඡා කළ බව පවසයි.

ඊට අමතරව නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ වත්මන් ප්‍රගතිය සහ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

එමෙන්ම 2026 වසරේ ආරම්භ කළ පළමු ශ්‍රේණිය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ප්‍රගතිය පිළිබඳ අධික්ෂණය කිරීම ඉදිරියේදී සිදු කරන බව ද එහිදී නිලධාරීන් ප්‍රකාශ කර ඇති බව සඳහන්.

උපකාරක පන්ති පැවැත්වීම තහනම් - පෞද්ගලික අංශයටත් නිවාඩු ලබාදෙන මෙන් රජයෙන් යෝජනාවක්

උපකාරක පන්ති පැවැත්වීම තහනම් - පෞද්ගලික අංශයටත් නිවාඩු ලබාදෙන මෙන් රජයෙන් යෝජනාවක්

තවද ඇගයීම් සහ තක්සේරු කිරීම් සම්බන්ධයෙන් නිර්දේශ ලබා ගැනීමට විදෙස් සම්පත්දායකයින්ගේ සහභාගීත්වයෙන් විශේෂ කමිටුවක් පත් කර ඇති අතර අදාළ සම්පත්දායකයින් ඉදිරියේදී ලංකාවට පැමිණිමට නියමිත බව වාර්තා වේ.

මේ අතර ජනාධිපතිවරයාගේ උපදෙස් මත අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික මෙහෙයුම් කමිටුව පත්කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාව මේ වනවිට අමාත්‍ය මණ්ඩලයට යොමු කර ඇත.

එසේම එහිදී අනාවරණය වූයේ දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය මට්ටමේ මෙහෙයුම් කමිටු පත්කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවයි.

පළමු ශ්‍රේණියේ දෙවන සහ තෙවන වාරය සඳහා වන ක්‍රියාකාරකම් පාදක පොත් මුද්‍රණය කිරීමට සුදානම් කර ඇති අතර දෙවන වාරය සඳහා වන ප්‍රායෝගික ක්‍රියාකාරකම් පොත් ද අප්‍රේල් පාසල් නිවාඩුවෙන් අනතුරුව දරුවන් වෙත ලබාදීමට සැලසුම් කර ඇති බවත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කලුවැව මෙහිදී ප්‍රකාශ කර ඇති බව සඳහන්.

සියලුම පෙර පාසල් දරුවන්ට හා ගුරුවරුන්ට රජයෙන් විශේෂ දැනුම්දීමක්

සියලුම පෙර පාසල් දරුවන්ට හා ගුරුවරුන්ට රජයෙන් විශේෂ දැනුම්දීමක්

අද 2 සිට රාත්‍රී 11 දක්වා වලංගුයි - මේ ප්‍රදේශවල අයට විශේෂයි

අද 2 සිට රාත්‍රී 11 දක්වා වලංගුයි - මේ ප්‍රදේශවල අයට විශේෂයි