EXCLUSIVE - මාලිමාව මැර බලය මුදාහරී - පහර දීමකින් UNP කොළඹ නාගරික මන්ත්‍රිනිය රෝහලේ [VIDEO]

Report

ජාතික ජන බලවේගය පක්ෂයේ ක්‍රියාකාරීන් පිරිසක් විසින් ඊයේ(15) සිදුකළ පහරදීමක් හේතුවෙන් කොළඹ මහ නගර සභාව නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරිය වන උළුවඩුගේ සඳමාලි බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

රියදුරු බලපත්‍ර අවලංගු වෙනවද ? අවසන් තීරණය මෙන්න

රියදුරු බලපත්‍ර අවලංගු වෙනවද ? අවසන් තීරණය මෙන්න

වර්තමානයේ මන්ත්‍රීවරිය කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී. මේ සිදුවීම සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවද වාර්තා වේ.

මෙරට ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි ත්‍යාග මුදල ජයග්‍රහණය කරයි

මෙරට ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි ත්‍යාග මුදල ජයග්‍රහණය කරයි

වැඩිදුර වාර්තාවලට අනුව, උළුවඩුගේ සඳමාලි මන්ත්‍රීවරියගේ කාර්යාලය ආසන්නයේදී මෙම දේශපාලන මැර ප්‍රහාරයට ලක්ව ඇත. පහරදීමට පැමිණි ජාතික ජන බලවේගය පක්ෂයේ ක්‍රියාකාරීන් ඇගේ කාර්යාලය අසල රතිඤ්ඤා ගසමින් කලහකාරී ලෙස හැසිරෙන බව දැකීමෙන් පසු, මන්ත්‍රීවරිය එය තම ජංගම දුරකථනයෙන් වීඩියෝගත කිරීමට උත්සාහ කිරීමේදී මෙම ප්‍රහාරයට ගොදුරු වී ඇත.

මෙන්න පොල් ගැන සතුටු හිතෙන ආරංචියක්...

මෙන්න පොල් ගැන සතුටු හිතෙන ආරංචියක්...

 

එහිදී තමන්ට එල්ල වූ මෘගීය ප්‍රහාරය පිළිබඳ මන්ත්‍රීවරියගේ අදහස් පහත වීඩියෝවේ දැක්වේ.

ජාතික ජනබලවේගය පක්ෂයේ ක්‍රියාකාරීන් පිරිසකගේ සාමූහික පහරකෑමට ලක්වූ මන්ත්‍රීවරිය උදව් ඉල්ලා කෑගසා ඇති අතර ඒ අවස්ථාවේ ඇගේ සැමියා ඇතුලු අසල්වාසීන් කිහිපදෙනෙකු පැමිණ ඇති බවත් එහිදී අදාළ පිරිස ඔවුනටද පහරදී ඇති බවත් දැනගන්නට ඇත.

කෙසේවෙතත් පහරකෑම මධ්‍යයේ මාර්ගයේ පැමිණි රථයක සහායෙන් නාගරික මන්ත‍්‍රීවරිය රෝහල වෙත ගෙනයාමට කටයුතු කර තිබේ.

ඊශ්‍රායල ප්‍රහාරයකින් ඉරානයේ මාධ්‍යවේදීන් මරුට

ඊශ්‍රායල ප්‍රහාරයකින් ඉරානයේ මාධ්‍යවේදීන් මරුට