බැංකොක් නගරය සලිත කරමින් ප්‍රධාන තෙල් ගබඩාවක පිපිරීමක් - දැවැන්ත දුම් වලාකුළක් මැද ජනතාවට ඉවත් වීමේ නියෝග [VIDEO]

By Malith Madushan Nov 26, 2026 09:50 AM GMT
Report

තායිලන්තයේ බැංකොක් අගනුවර පිහිටි ප්‍රධාන තෙල් ගබඩා සංකීර්ණයක සිදුවූ පිපිරීමකින් අනතුරුව විශාල ගින්නක් හටගෙන ඇති අතර, ඒ හේතුවෙන් අවට පදිංචිකරුවන්ට වහාම ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් වන ලෙස බලධාරීන් දැනුම් දී තිබේ.

බැංකොක් නුවර නැගෙනහිර ප්‍රදේශයේ බෑන් නා (Bang Na) දිස්ත්‍රික්කයේ පිහිටි බැංචැක් (Bangchak) තෙල් ගබඩා සංකීර්ණයේ මෙම පිපිරීම සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බැංකොක් නගරය සලිත කරමින් ප්‍රධාන තෙල් ගබඩාවක පිපිරීමක් - දැවැන්ත දුම් වලාකුළක් මැද ජනතාවට ඉවත් වීමේ නියෝග  | Bangkok Oil Depot Rocked By Major Explosion

පිපිරීමෙන් පසුව එම ස්ථානයෙන් අහසට නැඟුණු ඝන කළු දුමාරය බැංකොක් නගරයේ අහස පුරා පැතිර යන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.

සිද්ධිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් බෑන් නා දිස්ත්‍රික් කාර්යාලය සඳහන් කර ඇත්තේ බැංචැක් තෙල් ගබඩා සංකීර්ණයේ පිපිරීමක් සිදුව ඇති බැවින්, මහජන ආරක්ෂාව වෙනුවෙන් අවට ප්‍රදේශවල සිටින පුද්ගලයන් වහාම එම ස්ථානවලින් ඉවත් වන ලෙසයි.

ඉන්දියාවට ඇමරිකාවෙන් 25%ක තීරුබදු - ඉන්දීය රජය චෝදනා ප්‍රතික්ෂේප කරයි

ඉන්දියාවට ඇමරිකාවෙන් 25%ක තීරුබදු - ඉන්දීය රජය චෝදනා ප්‍රතික්ෂේප කරයි

කෙසේ වෙතත්, පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධියෙන් සිදුවූ ජීවිත හානි හෝ තුවාලකරුවන් පිළිබඳව ද මේ වනතෙක් නිල වාර්තා ලැබී නොමැත.

ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන භටයන් සහ සහන සේවා කණ්ඩායම් එම ස්ථානයට යොමු කර ඇති අතර, අවට ප්‍රදේශවල ජනතාවට එම ස්ථානයෙන් ඈත්ව සිටින ලෙසත්, බලධාරීන්ගේ ආරක්ෂක උපදෙස් පිළිපදින ලෙසත් දැනුම් දී තිබේ.

එමෙන්ම, තෙල් ගබඩා සංකීර්ණය ආසන්නයේ පිහිටි පාසල්වල සිසුන් ද ආරක්ෂිතව ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

තායිලන්තයේ ප්‍රධාන බලශක්ති සමාගමක් වන බැංචැක් කෝපරේෂන් (Bangchak Corporation) විසින් පාලනය කරනු ලබන මෙම තෙල් පිරිපහදු සංකීර්ණයේ දෛනික පිරිපහදු ධාරිතාව බැරල් 120,000ක් ලෙස සඳහන් වේ.

එය තායිලන්තයේ පස්වැනි විශාලතම තෙල් පිරිපහදුව වන අතර, නාගරික ප්‍රදේශයක් තුළ පිහිටා ඇති එරට එකම තෙල් පිරිපහදුව ද මෙය බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

ඛේදවාචකයක් - තෙල් බවුසරයක් පෙරළී ගිනි ගනී - 31ක් ජීවිතක්ෂයට, මළසිරුරු හඳුනා ගැනීමට DNA පරීක්ෂණ

ඛේදවාචකයක් - තෙල් බවුසරයක් පෙරළී ගිනි ගනී - 31ක් ජීවිතක්ෂයට, මළසිරුරු හඳුනා ගැනීමට DNA පරීක්ෂණ