ගෙවුණු පැය 24 තුළ මි.මී 175 ක වැඩිම වර්ෂාපතනය කුරුණෑගල - බතලගොඩ ප්‍රදේශයෙන් - අද රාත්‍රී 11.30 දක්වා රතු එළියක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ස්වාභාවික විපත් පිළිබද පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය මඟින් ගිගුරුම් සහිත වැසි සම්බන්ධයෙන් සූදානම් වන්න යනුවෙන් නිවේදනයක් නිකුත් කර ඇත.
ඒ අනුව එම නිවේදනය වලංගු වන්නේ අද (26) දහවල් 12:00 සිට රාත්‍රී 11:30 දක්වා බව සඳහන්.
එහි දැක්වෙන ආකාරයට පහත සඳහන් ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතියි.
එසේම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු මැද, වයඹ සහ ඌව පළාත්වල මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැක.
එමෙන්ම මුහුදු ප්‍රදේශ සඳහා ගිගුරුම් සහිත වැසි ඇති වන විට මුහුදු ප්‍රදේශවල තාවකාලිකව පැයට කිලෝමීටර් 60-70 ක පමණ තද සුළං සහ ඉතා රළු මුහුදු තත්ත්වයක් ඇති විය හැකි බව දන්වයි.
බලපෑම ඇතිවිය හැකි ප්‍රදේශ සමඟින් සම්පූර්ණ නිවේදනය පහතින් දක්වා ඇත.
මේ අතර අද පෙරවරු 8.30න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය වන මිලිමීටර් 175 කුරුණෑගල - බතලගොඩ ප්‍රදේශයෙන් වාර්තා විය.

