පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුවට කිසිදු සැබෑ උනන්දුවක් නොමැති බවත්, මැතිවරණය කල් දැමීම සඳහා විවිධ හේතු ඉදිරිපත් කරමින් සිටින බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා චෝදනා කරනවා.
අද (26) බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ වසරක් ඇතුළත පළාත් සභා මැතිවරණය පවත්වන බවට ආණ්ඩුව පොරොන්දු ලබාදී තිබුණද, මේ වනතෙක් එය ඉටු කර නොමැති බවයි.
එහිදි වැඩි දුරටත් අදහස් දැක්වු එතුමා,
''දැන් තමුන් වහන්සේලා කිව්වද මේ අර මොකක්ද මේ... තමුන් වහන්සේලාගේ අර පොතේ 'ලස්සන රටක්' ඒ මොකක්ද එකේ 'ලස්සන ජීවිතයක්'...
ඒකේ කියලා තිබ්බද 22 සංශෝධනයක් ගේනවා කියලා? තමුන් වහන්සේලා කියලා තිබ්බා හැබැයි අවුරුද්දක් ඇතුළත පළාත් සභා මැතිවරණය ගේනවා කියලා. ඈ පළාත් සභා...
මැතිවරණය කෝ දැන්? දැන් නීතියේ යම් වෙනසක් කරන්න ඕන් නම් කරමු. ඈ ඒකට ඇයි මොකක්ද කරන්න තියෙන බාධාව? තමුන් වහන්සේලා...
කමිටුවක් දාලා තියෙන්නේනේ ඡන්දේ නොතියන්න. හරියටම හරි මමත් ඕක කියනකන් හිටියේ. ඡන්දේ තියන්න නෙමෙයි ඒක කමිටුව දාලා තියෙන්නේ, ඡන්දේ නොතියන්න.
ඒක මාසයෙන් මාසේ දික් කරනවා හරිද? ඕක ඉවරයක් වෙන එකක් නෙමෙයි. ඒක හින්දා තමුන් වහන්සේලාට දැන් කිසිම ගැටලුවක් නෑ. මේක...
කරන්න ඕන් නම් ඉතා පැහැදිලියි, රටේ ව්‍යවස්ථාව වෙනස් කරන්න පුළුවන් නම් මාසෙකින් ඈ මේ නීතිය වෙනස් කරන්න බැරිද ඡන්දයක් තියන්න?
ඇයි ඡන්දේ තියන් නැත්තේ? තමුන් වහන්සේලා උතුරත් රැවැට්ටුවා, දකුණත් රැවැට්ටුවා, ඈ ඩයස්පෝරා එකත් රැවැට්ටුවා, මේ රටම රැවැට්ටුවා, ජාත්‍යන්තරයත් රවට්ටනවා.
හැබැයි ඕන එක්කෙනෙක්ගෙන් අහන්නකෝ, තමුන් වහන්සේලාට පළාත් සභා මැතිවරණයක් තියන්න උවමනාවක් තියෙනවද , අනිවාර්යයෙන් පළාත් සභා මැතිවරණය තියන්න උවමනාවක් නෑ. ඒකයි ඇත්ත.''