යෝෂිත රාජපක්ෂට එරෙහි මුදල් විශුද්ධිකරණ නඩුවට අද දුන් නියෝග
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය දෙසැම්බර් මස 03 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කළේය.
කොළඹ මහාධිකරණ විනිසුරු උදේෂ් රණතුංග මහතා ඉදිරියේ මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී විත්තිකාර යෝෂිත රාජපක්ෂ මහතා ද අධිකරණය හමුවේ පෙනී සිටියේය.
මූලික සාක්ෂි සටහන් කර ගැනීමෙන් අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය දෙසැම්බර් 03 වැනිදා දක්වා කල් තැබීමට අධිකරණය නියෝග කළේය.