“මට අද වගේ මතකයි ඒ දවස” - සජිත ඇන්තනී බුවී ගැන ආදරණීය මතකයක් අවදි කරයි [PHOTOS]

Report

ජනප්‍රිය රංගන ශිල්පී සජිත ඇන්තනී සිය අතීතයේ සුන්දර මතකයක් යළි අවදි කරමින් සමාජ මාධ්‍යයට එක් කළ ඡායාරූප කිහිපයක් මේ වන විට බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබෙනවා. ඒ, මීට වසර ගණනාවකට පෙර තමන් සහ සිය පියා ජැක්සන් ඇන්තනී මහතා සමඟ චිත්‍රපටයක රංගනයේ නිරතව සිටියදී, අද සිය සහකාරිය වන බුවී ඔවුන් බැලීමට ඇකිරියන්කුඹුරට පැමිණි අවස්ථාවක මතකයන් කිහිපයක්. එම ඡායාරූප සිය ෆේස්බුක් ගිණුමට එක් කරමින් සජිත එදා දවස සිහිපත් කර තිබුණේ,

“මට අද වගේ මතකයි මේ දවස. බාලයා බලන්න බුවී ඇකිරියන්කුඹුරට ආ දවස. ❤️ මට වෙච්ච පොඩි පොඩි සීරීම් ලොකු ලොකු කරලා එයාට කිව්ව ඒ සුන්දර දවස.” යන ආදරණීය සටහනද සමඟින්. සජිතගේ මේ පැරණි මතකයත් සමඟ එක් කළ ඡායාරූපවලට ඔහුගේ රසික රසිකාවියන්ගෙන්ද ආදරණීය ප්‍රතිචාර සහ සුබපැතුම් රැසක් එක්ව තිබෙනවා.

ලෝක ප්‍රසිද්ධ අරාබි සමාජ මාධ්‍ය තරුවක් ලංකාවේ - Khalid Al Ameriගෙන් ආදරණීය පණිවිඩයක්

ලෝක ප්‍රසිද්ධ අරාබි සමාජ මාධ්‍ය තරුවක් ලංකාවේ - Khalid Al Ameriගෙන් ආදරණීය පණිවිඩයක්

තිස්ස ජනනායක ප්‍රශ්ණයක පැටලෙයි - ජනප්‍රිය උපකාරක පන්ති ගුරුතුමා තමන්ට එල්ල වුණ චෝදනා වලට උත්තර බඳියි

තිස්ස ජනනායක ප්‍රශ්ණයක පැටලෙයි - ජනප්‍රිය උපකාරක පන්ති ගුරුතුමා තමන්ට එල්ල වුණ චෝදනා වලට උත්තර බඳියි


GalleryGalleryGallery