ඉන්දියාවට ඇමරිකාවෙන් 25%ක තීරුබදු - ඉන්දීය රජය චෝදනා ප්‍රතික්ෂේප කරයි

Report

ඉන්දියාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 25%ක් දක්වා තීරුබදු පැනවීමට ඇමරිකා එක්සත් ජනපදය යෝජනා කර තිබෙනවා. දෙරට අතර වෙළෙඳ ගිවිසුමක් ඇති කර ගැනීමට නොහැකි වුවහොත් මෙම තීරුබදු ක්‍රියාත්මක කිරීමට ඇමරිකාව සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ඉන්දීය වාණිජ හා කර්මාන්ත අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ ඇමරිකානු වෙළෙඳ නියෝජිත කාර්යාලය (USTR) විසින් නිකුත් කරන ලද දැනුම්දීම සහ යෝජිත තීරුබදු සම්බන්ධයෙන් මේ වන විට අධ්‍යයනය කරමින් සිටින බවයි.

එමෙන්ම ඉන්දියාවේ ඇතැම් නිෂ්පාදන ක්ෂේත්‍රවල අවශ්‍යතාවට වඩා වැඩි නිෂ්පාදන ධාරිතාවක් පවතින බවට ඇමරිකාව එල්ල කර ඇති චෝදනාව ද ඉන්දීය රජය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඉන්දීය වාණිජ හා කර්මාන්ත අමාත්‍යාංශය අවධාරණය කර ඇත්තේ කිසිදු ක්ෂේත්‍රයක ව්‍යුහාත්මක අතිරික්ත නිෂ්පාදන ධාරිතාවක් ඉන්දියාව සතු නොවන බවයි.

ඉන්දියාවට ඇමරිකාවෙන් 25%ක තීරුබදු - ඉන්දීය රජය චෝදනා ප්‍රතික්ෂේප කරයි | Us Plans 25 Tariff On Indian Goods

ඇමරිකාව පවසන්නේ ඉන්දියාව සිය දේශීය වෙළෙඳපොළට ප්‍රවේශ වීම දුෂ්කර කර ඇති බවත්, නිෂ්පාදන අවශ්‍යතාවට වඩා වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කරමින් ඇමරිකානු සමාගම්වලට අවාසිදායක තත්ත්වයක් ඇති කරන බවත්ය.

එමෙන්ම ඉන්දියාවේ ශ්‍රමික අයිතිවාසිකම් ප්‍රමාණවත් ලෙස ආරක්ෂා නොවන බවට ද ඇමරිකාව චෝදනා කර තිබෙනවා. ඇමරිකානු වෙළෙඳ නියෝජිත කාර්යාලය මෙම පරීක්ෂණ ආරම්භ කර ඇත්තේ එරට වෙළෙඳ නීතියේ 301 වගන්තිය යටතේයි.

ට්‍රම්ප් යළි වැඩ අල්ලයි - නව තීරුබදු නිවේදනයක් - ඉහළම බද්ද චීනෙට

ට්‍රම්ප් යළි වැඩ අල්ලයි - නව තීරුබදු නිවේදනයක් - ඉහළම බද්ද චීනෙට

ඒ අනුව ඉන්දියාව ඇතුළු ආර්ථික කලාප 16ක නිෂ්පාදන හා වෙළෙඳ ප්‍රතිපත්ති පිළිබඳව විමර්ශනය කර තිබෙනවා. ඇමරිකානු වෙළෙඳ නියෝජිත ජේමිසන් ග්‍රීර් ප්‍රකාශ කර ඇත්තේ දශක ගණනාවක් තිස්සේ ඇතැම් වෙළෙඳ හවුල්කරුවන් නිෂ්පාදන, වැටුප් සහ ශ්‍රමික අයිතිවාසිකම් සම්බන්ධ ප්‍රතිපත්ති මගින් වෙළෙඳපොළ තරගකාරිත්වයට බලපෑම් කරමින් ඇමරිකාවේ නිෂ්පාදන පදනම දුර්වල කර ඇති බවයි.

ඇමරිකාව නිකුත් කළ ඉන්දියාව පිළිබඳ වාර්තාවේ ඖෂධ, වානේ සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික භාණ්ඩ ඇතුළු ක්ෂේත්‍ර කිහිපයකදී ඉන්දියාව ඇමරිකාවට වැඩි අපනයන ප්‍රමාණයක් සිදුකරන බව ද පෙන්වා දී තිබෙනවා.

දිල්ලියේ වසර හයකදී පෙනහළු පිළිකා රෝගීන් 6,500 ඉක්මවයි - වායු දූෂණය ගැනත් අනතුරු ඇඟවීමක්

දිල්ලියේ වසර හයකදී පෙනහළු පිළිකා රෝගීන් 6,500 ඉක්මවයි - වායු දූෂණය ගැනත් අනතුරු ඇඟවීමක්

කෙසේ වෙතත්, මෙම යෝජිත තීරුබදු බලපෑමට ලක්විය හැකි එකම රට ඉන්දියාව නොවන අතර චීනය ඇතුළු තවත් රටවල් කිහිපයකට ද 20% සිට 35% දක්වා තීරුබදු යෝජනා කර තිබෙනවා.

යුරෝපා සංගමය, ජපානය, දකුණු කොරියාව, තායිවානය සහ ස්විට්සර්ලන්තය සඳහා 15%ක තීරුබදු අනුපාතයක් යෝජනා කර ඇති අතර වියට්නාමය සඳහා 20%ක අනුපාතයක් යෝජනා කර තිබෙනවා.

මේ අතර, ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ට්‍රම්ප් පරිපාලනය ජාත්‍යන්තර හදිසි ආර්ථික බලතල පනත යටතේ පනවා තිබූ පුළුල් තීරුබදු අවලංගු කිරීමෙන් පසුව මෙම නව විමර්ශන ආරම්භ කර තිබීම ද විශේෂත්වයක්.

එම තීරණයත් සමඟ ඉන්දියාව සහ ඇමරිකාව අතර වෙළෙඳ සාකච්ඡා යළිත් ආරම්භක අදියරකට පැමිණ ඇති අතර, මේ වන විට දෙරට අතර අන්තර්කාලීන ද්විපාර්ශ්වික වෙළෙඳ ගිවිසුමක් සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙනවා.

රන් වෙළඳපොළම උඩුයටිකුරු කරමින් ලෝක වෙළඳපොළේ රත්තරන් මිල බිමටම වැටෙයි - ලෝකෙම පොරකන අද රන් මිල

රන් වෙළඳපොළම උඩුයටිකුරු කරමින් ලෝක වෙළඳපොළේ රත්තරන් මිල බිමටම වැටෙයි - ලෝකෙම පොරකන අද රන් මිල

ඉන්දීය වාණිජ අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ වෙළෙඳාම සම්බන්ධයෙන් පවතින ගැටලු මෙම සාකච්ඡා රාමුව තුළ විසඳාගත යුතු බවත්, ඉන්දියාව සහ ඇමරිකාව අතර වෙළෙඳ ගිවිසුම කඩිනමින් අවසන් කර ගැනීමට ඉන්දීය රජය කැපවී සිටින බවත්ය.

ඇමරිකානු වෙළෙඳ නියෝජිත කාර්යාලය මෙම යෝජනා සම්බන්ධයෙන් මහජන අදහස් විමසීමේ සැසි ජනවාරි 25 වැනිදා පැවැත්වීමට නියමිත අතර, ඒ සඳහා ලිඛිත අදහස් ජනවාරි 5 වැනිදාට පෙර ඉදිරිපත් කරන ලෙස දැනුම් දී තිබෙනවා.

ඒ අනුව අදාළ තීරුබදු යෝජනා සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති අතර, ඒවා තවදුරටත් සාකච්ඡා මට්ටමේ පවතිනවා.

ට්‍රම්ප් වගේම පෙනුමක් ඇති පුද්ගලයෙකු සමඟ කැනඩා අගමැති එකම වේදිකාවේ - සභාවම හිනාවෙන් පිරි යයි

ට්‍රම්ප් වගේම පෙනුමක් ඇති පුද්ගලයෙකු සමඟ කැනඩා අගමැති එකම වේදිකාවේ - සභාවම හිනාවෙන් පිරි යයි