යුරෝපයට පළා යාමට පැමිණි බංගලාදේශ ජාතිකයන් පොලිස් දැලේ

Sri Lanka Police World Sinhala news
By Dilasha Mar 25, 2025 03:15 AM GMT
Dilasha

Dilasha

Report

ආඩිඅම්බලම ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක රැඳී සිටි යුරෝපයට පලායාමට මෙරටට පැමිණ නීතීවිරෝධී ලෙස රැඳී සිටි බංගලාදේශ ජාතිකයින් 10 දෙනෙකු දී කටුනායක, අඩිඅම්බලම ප්‍රදේශයේ දී ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් බංගලාදේශ ජාතිකයින්ට මෙරට රැඳී සිටීම සඳහා හිමිව තිබූ වීසා කාලය ඉක්මවා ගොස් තිබූ බවත්, ඔවුන් බංගලාදේශයේ සිට ඉන්දියාව වෙත ගොස් එතැන් සිට පසුගිය පෙබරවාරි මාසයේ දී සංචාරක වීසා මත මෙරටට පැමිණ ඇති බවත් ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ සිට ඩුබායි වෙත ගොස් යුරෝපා රටවලට යෑමට සැලසුම් කර තිබූ බව සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇති අතර අත්අඩංගුවට පත් මොවුන් සියලුදෙනා අවුරුදු 20ත් 30ත් අතර වයස්වල පසුවන පිරිමි පුද්ගලයින් වන වේ.

වැලිසර රැඳවුම් මධ්‍යස්ථානයේ අත්අඩංගුවට ගත් බංග්ලාදේශ ජාතිකයින් සියලු දෙනා රැඳවීමට පියවර ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.  

ReeCha