කෙසෙල් මිල අඩුවෙලා - දිවයින පුරා මිල වෙනසක්
By R.rishma
තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ කෙසෙල් මිල යළිත් විශාල වශයෙන් පහත වැටීම හේතුවෙන් ගොවීහු දැඩි ආර්ථික අපහසුතාවකට මුහුණ දී සිටින බව පවසති.
රාජාංගනය, ගල්නෑව, තලාව, එප්පාවල, තඹුත්තේගම සහ බුල්නෑව යන ප්‍රදේශවල ගොවීන් විසින් ආර්ථික මධ්‍යස්ථානයට ගෙන එන කෙසෙල් සඳහා සාධාරණ මිලක් ලබා ගැනීමට නොහැකි වී ඇති බව ගොවීහු මැසිවිලි නගති.
ව්‍යාපාරිකයන් පෙන්වා දෙන්නේ, වෙළෙඳපොළට විශාල කෙසෙල් අස්වැන්නක් පැමිණීමත්, ගැනුම්කරුවන්ගේ පැමිණීම සීමා වීමත් මිල පහත වැටීමට ප්‍රධාන හේතු බවයි.
වත්මන් කෙසෙල් මිල ගණන්
- ඇඹුල් කෙසෙල්: රු. 40–45 (කිලෝවක තොග මිල)
- සීනි කෙසෙල්: රු. 45–50 (කිලෝවක තොග මිල)
- අළු කෙසෙල්: රු. 50–60 (කිලෝවක තොග මිල)
- කෝලිකුට්ටු කෙසෙල්: රු. 180–200 (කිලෝවක තොග මිල)