බැකෝ සමන්ගේ බිරිඳගේ නැගණිය නඩුවෙන් නිදහස් කරයි - බාප්පා ඇතුළට
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි, බැකෝ සමන් නමැති සංවිධානාත්මක අපරාධකරුගේ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ බිරිඳගේ නැගණිය එම නඩුවෙන් මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (26) නියෝග කළේය.
ඒ අනුව මෑතකදී ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන එන ලද "බැකෝ සමන්" ට අදාළ මෙම නඩුකරයේ සැකකාරියක ලෙස ඇය රඳවා තබාගෙන තිබුණි.
කෙසේ වෙතත්, මෙම සිද්ධියටම අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි බැකෝ සමන්ගේ බිරිඳගේ ඥාති බාප්පා කෙනෙකු ලබන මස 6 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කර තිබේ.
ඉන්දුනීසියානු බලධාරීන්ගේ සහය ඇතිව සිදුකළ මෙම මෙහෙයුමෙන් පසු අත්අඩංගුවට ගත් පිරිස සම්බන්ධයෙන් ආරක්ෂක අංශ තවදුරටත් විමර්ශන පවත්වයි.