මෙම ද්‍රව්‍ය අඩංගු නම් ළදරු නිෂ්පාදන මිලදී ගන්න එපා..! ළදරු නිෂ්පාදන වල අඩංගු පිළිකාකාරක ගැන ඔබ දැනුවත්ද? ඔබ කියවිය යුතුම ලිපියකි..!

Cancer Sri Lanka
By Sewvandhi Jul 06, 2022 03:09 PM GMT
Sewvandhi

Sewvandhi

Report

වැඩිහිටි ඔබත් ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ බේබි සබන් නේද? අපි හිතන්නේ ළදරු නිෂ්පාදන ළදරුවන්ටම වෙන් වූ ඒවා නිසා එම නිෂ්පාදන වල කිසිම අගුණයක් නැහැ කියලා. වෙළඳ දැන්වීම වලට රැවටී මිලදී ගන්න නමුත් මේවායේ තනිකර පිළිකාකාරක ද්‍රව්‍ය අඩංගු බව දැනගෙන හිටියේ නැහැ නේද?

ඉතින් ඔබ ඔබේ ළදරුවාට මෙවැනි නිෂ්පාදන භාවිතා කරන වාරයක් වාරයක් පාසාම ඔබේ දරුවාගේ සිරුරට විෂ රසායනිකයන් සංඝටක එකතු වෙනවා. ඒ නිසා නිතරම බබා පිරිසිදු කරන්න, සුවඳ ගලවන්න නම් ස්වාභවික අමුද්‍රව්‍යම භාවිතා කරන්න.

ළදරු නිෂ්පාදන වල තිබෙන පිළිකාකාරක ද්‍රව්‍යය 

ටැල්ක්

👶 ටැල්ක් කියන්නේ කුඩු වශයෙන් තියන ඛණිජ ද්‍රව්‍යයක්.

👶 මේ ඛණිජ ද්‍රව්‍යය බේබි පවුඩර් වල අඩංගු වෙනවා.

👶 මේවා වියළීමේ ගුණය ඇති නිසා වියළුම් කාරකයක් ලෙස ක්‍රියා කරනවා.

👶 මේවා ආඝ්‍රාණය කිරීම පෙනහලු වලට ඉතාමත්ම අහිතකරයි.

සුවඳකාරක

👶 ළදරු නිශ්පාදන වලට සුවඳක් එකතු කරන්නේ ඒවා සාදන්නට භාවිතා කරන රසායනික ද්‍රව්‍ය වල අප්‍රසන්න ගන්ධය නැති කිරීමටයි.

👶 එලෙස යොදාගන්න සුවඳකාරක ද පිළිකාකාරක ද්‍රව්‍යයයි. 👶 ඒවා සාමාන්‍යයෙන් ගල් අඟුරු හා ඛනිජ තෙල් වලින් ලබාගත් කෘතිම රසායනික ද්‍රව්‍ය වලින් ලබාගන්නවා.

👶 මෙම සුවඳකාරක ද්‍රව්‍ය වල බලපෑම දීර්ඝකාලීනයි. සම මත මෙම සුවඳකාරක ද්‍රව්‍ය වැඩි වේලාවක් රැඳී පවතින අතර සමට, කොණ්ඩයට අහිතකරයි.

👶 ළදරු පවුඩර්, ළදරු සේදුම් ද්‍රව්‍ය සහ ෂැම්පූ සහ තවත් බොහෝ ළදරු නිෂ්පාදන වල සුවඳ ද්‍රව්‍ය අඩංගු වෙනවා. 

   ප්‍රොප්ලීන් ග්ලයිකෝල්

👶 මෙම රසායනිකයට විනිවිද යමේ හැකියාවක් තිබෙන අතර ඉතා ඉක්මණින් සමට අවශෝෂණය කර ගන්නවා.

👶 එමෙන්ම පිළිකාකාරක ද්‍රව්‍ය වලින් එකක් බව සොයාගෙන තිබෙනවා.

👶 මේ රසායනිකයේ කාර්යය වෙන්නේ සමේ තියන සිදුරු විවර කරලා අනිත් රසායනික ද්‍රව්‍ය වලට ඇතුලට ගමන් කිරීමට මඟ සලසලා දෙන එක.

👶 මෙම රසායනික ද්‍රව්‍ය බොහෝ විට අපිට සොයා ගන්නට ලැබෙන්නේ ළදරුවන් පිසදැමීමට ගන්නා ටිෂූස් වල. එනම් Wet Wipes වල.

👶 ඒවා ළදරුවන් වෙනුවෙන් ආරක්ෂිත නැහැ.

👶 ඒ නිසා බබාලව පිසදමන්න සේදිය හැකි රෙදි කැබැල්ලක්, උණුසුම් ජලය සහ සබන් භාවිතා කරන්න.

1,4 ඩයොක්සෑන් සහ එතිලේටඩ්

👶පරිසර ක්‍රියාකාරී කණ්ඩායමක් විසින් සොයාගෙන තිබෙන්නේ ළදරු සබන් වර්ග වලින් 57% ක ප්‍රමාණයක 1,4 ඩයොක්සෑන් ඇති බවයි.

👶 රූපලාවණ්‍ය නිෂ්පාදන වලත් මේවා තියෙනවා.

👶 මේ සංයෝගය ප්‍රබල පියයුරු පිළිකාකාරක ද්‍රව්‍යයි.

👶 ඒ නිසා බබාට හරි ඔබට හරි නිෂ්පාදනයක් මිලට ගන්න කලින් ලේබලයේ පොලිඑතිලීන්, පොලිඑතිලීන් ග්ලයිකෝල්, සෝඩියම් ලෝරෙත් සල්ෆේට්, සීටෙයරෙත්, ඔලෙත්, ඔක්සිනෝල්, -සයිනෝල් සහ පීඊජී අඩංගුයි කියා තිබුනොත් ගන්න එපා. 

   ඛණිජ තෙල්

👶 ළදරුවන්ට විශේෂයෙන්ම එන තෙල් එහෙමත් නැත්නම් baby oil වල ඛනිජ තෙල් අඩංගු වෙනවා.

👶 පසුව සුවඳ සමග මිශ්‍ර වී ඇති අතර එය අප්‍රසන්න සංයෝජනයක් වෙනවා.

👶 ඛනිජ තෙල් යනු පෙට්‍රෝලියම් තෙල් සැකසීමේ අතුරුඵලයක් වන අතර එය සම මත ප්ලාස්ටික් ආවරණයක් ලෙස ක්‍රියා කරනවා.

👶 ඔබේ දරුවාගේ සම සම්බාහනය කිරීම සඳහා ඔලිව්, පොල් හෝ ආමන්ඩ් තෙල් වැනි ස්වාභාවික හා පෝෂ්‍යදායී තෙල් වගේ හිතකර තෙල් යොදාගන්න.

පැරබන්

👶 වෙළඳ දැන්වීම් වල ළදරු නිෂ්පාදන ආශ්‍රිත දැන්වීම් වල ඇහිලා ඇති පැරබන් අඩංගු නැති ළදරු නිෂ්පාදන ගන්න කියනවා. නමුත් ඒවායේ කූට ලෙස පැරබන් අඩංගු කරලා තියෙන බව මතක තබාගන්න .

👶 අවාසනාවකට පැරබන් හැමතැනකම තියෙනවා. සබන්, ශැම්පූ, මොයිෂ්චරයිසර් වර්ග වල, ශරීර සේදුම්කාරක වල වගේ සෑම ළදරු නිශ්පාදනයකම මේ පිළිකාකාරක ද්‍රව්‍ය අඩංගු වෙනවා.

👶 පැරබන් කියන්නේ ස්නායුක විෂ වීම් ඇති වෙන්න පුලුවන් සංයෝගයක්.

👶 පසු කාලීනව ප්‍රජනක කාර්යයට හානි කරනවා.

👶 සමට අහිතකරයි. සම කැසීම වගේ ආසාදන තත්වයන් ඇති වෙන්න පුළුවන්.

👶 ඒ වගේම සිරුරේ හෝමෝන අසමතුලිත කරනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now