මාතර කොටවිල බිළිඳු සිරුර DNA පරීක්ෂණයට..

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police Hospitals in Sri Lanka Death
By Piyumika May 28, 2024 03:37 AM GMT
Piyumika

Piyumika

Report

 පසු ගිය 24 වන දින මාතර නව දිස්ත්‍රික් මහරෝහලේදී දරු ප‍්‍රසූතියකින් අනතුරුව එම බිළිඳා අතුරුදන්ව ඇති බවට ඥාතීන් විසින් රෝහලට චෝදනා කෙරූ පුවතක් වර්ත විය.

ප්‍රසූත කල බිළිදා අතුරුදහන්. - ඥාතීන්ගෙන් චෝදනා. - (VIDEO)

ප්‍රසූත කල බිළිදා අතුරුදහන්. - ඥාතීන්ගෙන් චෝදනා. - (VIDEO)


එලෙස මාතර කොටවිල නව දිස්ත්‍රික් රෝහලේදි එකී මව ප්‍රසූත කරනු ලැබුයේ මළ දරුවෙකු බවත් එම මළසිරුර රෝහලේ මෘතශරිරාගාරයේ ඇති බවත් රෝහල් බලධාරින් ප්‍රකාශ කර සිටියේය.

පසුගිය (22 වැනිදා) සිය මළදරුවා ප්‍රසූත කිරිම සඳහා කොටවිල නව දිස්ත්‍රික් රෝහල වෙත ඇතුළත් වි ඇත්තේ ඇයගේ පෞද්ගලික වෛද්‍යවරයා කළ දැනුම්දීමක් මත බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය උපාලි කරුණාරත්න පැවසූ අතර රෝහලට ඇතුළත් වීමට දිනකට පමණ ඉහතදි මව පරීක්ෂා කළ පෞද්ගලික වෛද්‍යවරයා කළ ස්කෑන් පරීක්ෂණයකදී ඇගේ කුස තුළ සිටින දරුවාගේ හෘදය ක්‍රියා නොකරන බවත් දරුවා මියගොස් ඇති බවත් තහවුරු වී තිබිණි.

ඒ අනුව එම වෛද්‍යවරයා දැනුම් දි ඇත්තේ මවගේ ජිවිතය බේරාගැනීමේ අරමුණින් මෙම මළදරුවා ප්‍රසුත කිරීම සඳහා රෝහල් ගතවන ලෙසය.පසුව අදාළ මව කොටවිල රෝහලට ඇතුළත් වී ඇති අතර රෝහල් කාර්ය මණ්ඩලය මළදරුවා පිටතට ගැනීම සඳහා අවශ්‍ය ඖෂධ මවට ලබා දී තිබේ.

බැංකු පොලී අනුපාතය වෙනස්වීම ගැන මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක්..

බැංකු පොලී අනුපාතය වෙනස්වීම ගැන මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක්..


ඒ අවස්ථාවේදි මව විසින් මෙම බිලිදා කුස තුළ මියගොස් ඇති බවට පිළිගෙන ඇති බවත් එම මළදරු ප්‍රසුතිය සිදුකිරීම සඳහා තමා අවසර දෙන බවටත් අදාළ ලිපි ලේඛනවලට සිය අත් අකුරෙන් ලියා අත්සන් තබා ඇති බවත් රෝහල් අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේය.

පසුව 24 වැනිදා අලුයම් කාලයේ මෙම මව සිය මියගිය දරුවා ප්‍රසූත කරඇති අතර බිලිදාගේ වයස සති තිස්හයක් බව තහවුරු වී ඇති අතර ඒ වනවිටත් කළලය තරමක් නරක් වී තිබි ඇත .

පසුව එදින දහවල් කාලයේ බිලිදාගෙ සිරුර භාරගැනීම සඳහා ඥාතින් කිසිවකු ඉදිරිපත් නොවී ඇති අතර විසිපස්වැනිදා (25) පස්වරුවේ ඥාතින් පැමිණ මළසිරුර ඉල්ලා තිබේ.

කෙසේ වෙතත් මළසිරුර ඥාතින්ට අවශ්‍ය බවට නිසි සන්නිවේදනයක් රෝහල් කාර්ය මණ්ඩලය අතර සිදුව නොමැති තත්ත්වයක් මත බිලිඳාගේ මළසිරුර ඒ වනවිට භාරකරුවන් නොමැති අනෙකුත් සිරුරු සමග අදාහනය කිරීම සඳහා රැගෙන යන ලොරිය වෙත රෝහල් මෘතශරිරාගාරයෙන් මුදාහැර ඇත.

පසුව ඥාතින් විසින් සිරුර ලබාදෙන ලෙස කළ ඉල්ලීම මත බිලිදාගෙ මළසිරුර නැවත රෝහලේ මෘතශරීරාගාරය වෙත ලොරියේ සිට ගෙන්වා යළි මෘතශරිරාගාරයේ තබා ඇති බව රෝහල් අධ්‍යක්ෂවරයා තවදුරටත් කියා සිටියේය.

මේ වනවිට බිලිදාගේ මව්පියන් කරන ලද පැමිණිල්ලකට මෙම දරු ප්‍රසූතිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වෙන බවත් මහෙස්ත්‍රාත්වරයා පැමිණ පශ්චාත් මරණ පරික්ෂණය සිදුකිරීමට කටයුතු කරන බවත් එහිදී ඩීඑන්ඒ පරික්ෂණයක් සිදුකිරීමට අවශ්‍ය බව නියෝග කරන්නේ නම් එම ඩීඑන්ඒ පරික්ෂණය සිදු කරනා බවද රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය .   

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%