ප්‍රසූත කල බිළිදා අතුරුදහන්. - ඥාතීන්ගෙන් චෝදනා. - (VIDEO)

Sri Lanka Police Hospitals in Sri Lanka
By Piyumika May 26, 2024 12:14 PM GMT
Piyumika

Piyumika

Report

මාතර නව දිස්ත්‍රික් මහරෝහලේදී දරු ප‍්‍රසූතියකින් අනතුරුව එම බිළිඳා අතුරුදන්ව බව වාර්තා වෙනවා.

ඥාතීන් චෝදනා කරන්නේ, ප‍්‍රසූත කළ බිළිඳා මියගිය බවට රෝහල් බලධාරීන් පැවසුවත්, බිළිඳාගේ සිරුර හෝ පෙන්වීමට ඔවුන් කටයුතු නොකළ බවයි.

වෛද්‍යවරුන්ගේ උපදෙස් පරිදි සිය කුළුඳුල් දරු ප්‍රසූතිය සඳහා පසුගිය 22 වැනිදා මාතර නව දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් වුන මාතර වැලිගම පදිංචි 24 හැවිරිදි කාවිද්‍යා මදුෂානි හට රෝහල් බලධාරීන් පවසා ඇත්තේ බිලිඳා කුසේදීම මියගොස් ඇති බවයි.

ඒ අනුව පසුගිය 24 වැනිදා රාත්‍රියේ බිලිඳා පිටතට ගැනීමට වෛද්‍යවරුන් පියවර ගෙන තිබුණා.එහෙත්, ඥාතීන් චෝදනා කරනුයේ මියගිය බිලිඳගේ මෘත දේහය ලබාදෙන ලෙසට තමන් ඉල්ලීම් කළත් රෝහල් බලධාරීන් එහිදී පරස්පර විරෝධී ප්‍රකාශ සිදුකළ බවයි.

එමෙන්ම බිලිඳා මියගිය බවට රෝහල් බලධාරීන් සඳහන් කළත් ඥාතීන් පැවසුවේ රෝහල් ලේඛනවලද එවැනි මරණයක් සම්බන්ධයෙන් සටහනක් හෝ නොතිබූ බවත්, මේ සම්බන්ධයෙන් රෝහල් බලධාරීන් කිසිදු ප්‍රතිචාරයක් තවම දක්වා නොමැති බවත්ය.  


...................................................

May you Like


Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%