ආයුර්වේද රූපලාවන්‍ය නිෂ්පාදන ගැන රජයෙන් දැඩි තීරණයක්. - කරන්න යන දේ ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්.

Report

ආයුර්වේද ඖෂධ මෙන්ම ආයුර්වේද රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ සියලු නිෂ්පාදන සහ අමුද්‍රව්‍ය කෙරෙහි දැඩි අවධානය යොමු කරමින් නියාමනයට ලක්කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ, රාජගිරිය ආයුර්වේද ජාතික රෝහලේ පැවති ආයුර්වේද, ඖෂධ සහ නිෂ්පාදන සභාවේ නව සභාපතිවරයාට සහ සාමාජිකයින්ට අදාළ පත්වීම් ලිපි ප්‍රධානය කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

එහිදී ඔහු කියා සිටියේ, නියාමනය තුළින් ගුණාත්මක සහ ප්‍රමිතිගත නිෂ්පාදන ජනතාවට ලබාදීම අපේක්ෂා කරන බවයි.

"අපිට එන ප්‍රධාන ප්‍රශ්නයක් තමා මේ රූපලාවන්‍ය ගැන ප්‍රශ්නය. සෞඛ්‍යමය තර්ජනයකුත් තියෙනවා මේකත් එක්ක කළු සල්ලි ජාවාරමකුත් තියෙනවා. අපිට NMRA පනත වෙනස් කරන්න වෙනවා. ඒකට ටිකක් කල් ගතවෙනවා. බොහෝ රූපලාවන්‍ය නිෂ්පාදන එන්නේ ආයුර්වේදයට සම්බන්ධව මොකක් හරි කියාගෙන. ඒක නියාමනය කරලා දුන්නොත් අපිට අනිත් ටික කරගන්න පුළුවන්."

රාජ්‍ය සේවක වැටුප් 7,500කින් ඉහළට. - 7,500 - 10,000 ත් අතර මුදලක් මූලික වැටුපට.- අමාත්‍යංශයෙන් ලැබුණු අලුත්ම ආරංචිය මෙන්න.

රාජ්‍ය සේවක වැටුප් 7,500කින් ඉහළට. - 7,500 - 10,000 ත් අතර මුදලක් මූලික වැටුපට.- අමාත්‍යංශයෙන් ලැබුණු අලුත්ම ආරංචිය මෙන්න.

අලුත් බදු එක්ක Benz මිල ගණන් එළිදක්වයි. - උපරිම සැප කෝටි කීයද කියලා දන්නවද? - මිල ලැයිස්තුව පහතින්.

අලුත් බදු එක්ක Benz මිල ගණන් එළිදක්වයි. - උපරිම සැප කෝටි කීයද කියලා දන්නවද? - මිල ලැයිස්තුව පහතින්.


You may like this video