රාජ්‍ය සේවක වැටුප් 7,500කින් ඉහළට. - 7,500 - 10,000 ත් අතර මුදලක් මූලික වැටුපට.- අමාත්‍යංශයෙන් ලැබුණු අලුත්ම ආරංචිය මෙන්න.

Government Employee Government Of Sri Lanka
By Wayomi Feb 02, 2025 04:05 AM GMT
Wayomi

Wayomi

Report

රජයේ සේවකයන්ගේ වැටුප් විෂමතා සොයා බැලීම සදහා පසුගිය රජය පත් කරන ලද උදය ආර්.සෙනෙවිරත්න කමිටු වර්තාවේ නිර්දේශයන් ද සලකා බලා වැටුප් විෂමතාව ඇති නොවන පරිදි පිළිගත් ක්‍රමවේදයකට අනුව මෙවර අයවැයේදී වැටුප් වැඩි කෙරෙන බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසනවා.

ඒ අනුව දැනට පවතින වැටුප් තල අනුව, රුපියල් 7,500 ත් 10,000 ත් අතර මුදලක් මූලික වැටුපට එකතු කිරීමට නියමිත බවත්, ඒ ඒ වැටුප් තල අනුව, මූලික වැටුපට අදාළ වැඩි කිරීම සිදු කිරීමට නියමිත බවත් අදාල ආරංචි මාර්ග සඳහන් කරනවා.

එමෙන්ම රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අදාළ ක්‍රමවේදය (Formula) මේ වනවිට මුදල් අමාත්‍යාංශය සකස් කර අවසන් බවත්, වැඩි කිරීමට නියමිත මුදල කොතෙක්දැයි මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයා තීරණය කිරීමට නියමිත බවත් මුදල් අමාත්‍යාංශයේ ආරංචිමාර්ග පවසයි.

කෙසේ වෙතත් අදාළ වැටුප් ඉහළ දැමීම මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ලබන පෙබරවාරි මාසයේ ඉදිරිපත් කරන 2025 අයවැයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. අදාළ වැටුප් වැඩිවීම ලබන අප්‍රේල් මාසයේ සිට සිදු කිරීමට නියමිතයි.

පසුගිය රජය රටේ ඍණ ආර්ථිකයක් පැවැතියදීත් 2024 වසරේ ජනවාරි මස සිට රුපියල් 10,000 කින් වැටුප් වැඩි කිරීමක් සිදු කළා.

ඊට අදාළව ගෙවීමට තිබූ රුපියල් 15,000 ක හිඟ මුදල රුපියල් 5,000 බැගින් මේ වසරේ ජනවාරි සිට මාර්තු මාසය දක්වා කාලය තුළ ගෙවා අවසන් කිරීමට නියමිතය.

පසුගිය කාර්තු හතරේදීම රටේ ආර්ථිකය ධන තත්ත්වයට පත්ව තිබෙන බැවින් සහ රාජ්‍ය ආදායම සියයට 38 කින් පමණ ඉහළ ගොස් තිබෙන බැවින් රාජ්‍ය සේවකයන්ට රුපියල් 10,000 ඉක්මවූ වැටුප් වැඩිකිරීමේ හැකියාව පවතින බව ආර්ථික විශ්ලේෂකයන් පවසා තිබෙනවා.

මේ අතර ජනාධිපතිවරයාද පසුගිය දිනවල කියා සිටියේ රජයේ සේවකයන්ගේ ඇඟට දැනෙන වැටුප් වැඩි කිරීමක් සිදු කරන බවයි.

සතියකට පසු ඉන්ධන මිලෙහි පහල යෑමක්. - නව මිල ගණන් මෙන්න. - තෙල් මිල සූත්‍රය අනුව ලංකාව වැඩ.

සතියකට පසු ඉන්ධන මිලෙහි පහල යෑමක්. - නව මිල ගණන් මෙන්න. - තෙල් මිල සූත්‍රය අනුව ලංකාව වැඩ.

ජනපති අනුර ඔක්තෝබරයේ විශේෂ දිනයක් ප්‍රකාශයට පත් කරයි. - හේතුව මෙන්න.

ජනපති අනුර ඔක්තෝබරයේ විශේෂ දිනයක් ප්‍රකාශයට පත් කරයි. - හේතුව මෙන්න.



You may like this video 


ReeCha