උත්සව සමයේ වගකීම් සහිතව රිය ධාවනය කරන්න – ප්‍රවාහන ඇමති ජනතාවගෙන් ඉල්ලයි

Report

තමන්ගේ සහ අනෙක් පාර්ශ්වයන්ගේ ජීවිත ආරක්ෂා කිරීම සඳහා උත්සව සමයේ වගකීම් සහිතව රිය ධාවනය කිරීමට කටයුතු කරන ලෙස ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

අලුත් අවුරුදු සමයේ රිය අනතුරු ඉහළ යාම පිළිබඳ විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව පැවසා තිබුණා. එමෙන්ම, මාර්ග නීති පිළිපදිමින් සහ බීමත්ව රිය ධාවනයෙන් වැළකී සිටීම මගින් අනතුරු අවම කළ හැකි බවයි ඔහු අවධාරණය කළේ.

අලුත් අවුරුදු උත්සව සමයේ අපරික්ෂාකාරී සහ බීමත්ව රිය ධාවනය කිරීම හේතුවෙන් සිදුවන මාර්ග අනතුරු හා මරණ සංඛ්‍යාව ඉහළ යාම පිළිබඳව ප්‍රවාහන අමාත්‍යවරයා විශේෂ අවධානයක් යොමු කර ඇති බවයි සඳහන්. උත්සව සමයේ ජනතාවගේ ගමනාගමන වැඩිවීමත් සමග රථවාහන තදබදය ඉහළ යාම සහ රියදුරන්ගේ නොසැලකිලිමත් හැසිරීම හේතුවෙන් අනතුරු සිදුවීමේ අවදානම තවදුරටත් වැඩිවන බවයි සඳහන් කළේ.

ගම්බිම් බලා යන ජනතාවට ප්‍රවාහන සේවා ගැන දැනුවත් කිරීමක්

ගම්බිම් බලා යන ජනතාවට ප්‍රවාහන සේවා ගැන දැනුවත් කිරීමක්

විශේෂයෙන් බීමත්ව රිය ධාවනය කිරීම, වේග සීමා උල්ලංඝනය කිරීම සහ මාර්ග නීති නොසලකා හැරීම අනතුරු සඳහා ප්‍රධාන හේතු ලෙසයි මෙහිදී අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ.

මේ පිළිබඳව ජනතාවට දැනුම්දීම සඳහා සහ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් පොලීසිය විසින් විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දීමටත් තීරණය කර තිබෙනවා.

එමගින් හදිසි අනතුරු පිළිබඳ වාර්තා කිරීමටත්, මාර්ග නීති උල්ලංඝනය කරන රියදුරන් සහ අපරික්ෂාකාරී රිය ධාවනය සම්බන්ධ වීඩියෝ සාක්ෂි යොමු කිරීමටත් ජනතාවට අවස්ථාව හිමිවන බවයි වැඩිදුරත් සඳහන් කළේ.

අනවසරයෙන් මගී ප්‍රවාහනය සඳහා යෙදවූ බස් රථයකට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග

අනවසරයෙන් මගී ප්‍රවාහනය සඳහා යෙදවූ බස් රථයකට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග