අනවසරයෙන් මගී ප්රවාහනය සඳහා යෙදවූ බස් රථයකට එරෙහිව නීතිමය ක්රියා මාර්ග
කොළඹ Peoples Park සිට හැටන්, නාවලපිටිය සහ ඩයගම දක්වා අනවසරයෙන් මගීන් ප්රවාහනය කිරීම සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු මත ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ජංගම පරීක්ෂණ නිළධාරීන් සහ බැස්ටියන් මාවත බස් පර්යන්තයේ රාජකාරියේ නිරත නිළධාරීන් විසින් ඊයේ (11) රාත්රියේ විශේෂ පරීක්ෂාවක් සිදු කර තිබේ.
පරීක්ෂාවේදී මගීන් ප්රවාහනය කිරීම සඳහා නිසි අවසර පත්රයකින් තොරව ධාවනයට සූදානම්ව සිටි බස් රථයක් අත්අඩංගුවට ගෙන එයට එරෙහිව නීතිමය ක්රියාමාර්ග ගෙන තිබේ.
මෙම බස් රථය මගීන්ගෙන් නියමිත ගාස්තුව ඉක්මවා අධික මුදල් අය කර ඇති බව ද සොයාගෙන තිබේ. නිළධාරීන් එහි ගමන් කිරීමට සූදානම්ව සිටි මගීන් දැනුවත් කිරීමටත් කටයුතු කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්රියාත්මක කරමින් තිබේ.