ඩඩ්ලිගේ හාල් මෝලටත් ගිහින්.. රටේ සහල් ප්‍රශ්නයට මොකද වුණේ?. හෙට කරන්න යන දෙය මෙන්න..

Anura Kumara Dissanayaka Latest Headlines Decision Making Rice AKD
By krishani Oct 27, 2024 03:29 PM GMT
krishani

krishani

Report

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් රට තුළ පවතින සහල් සහ වී තොග සම්බන්ධයෙන් සකස් කළ වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත හෙට (28) භාරදීමට නියමිතව ඇත.

කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් එම්.පී.එන්.එම්. වික්‍රමසිංහ මහතා සඳහන් කළේ, අදාළ වාර්තාව සකස් කිරීම සඳහා මේ වන විට කටයුතු කරමින් සිටින බව ය.

රජයේ පාලන මිල යටතේ සහල් ලබාදෙන බවට මහා පරිමාණ සහල් මෝල් හිමියන් ජනපතිවරයා සමග පැවති සාකච්ඡාවකදී එකඟතාව පළ කර තිබෙනවා.

රස කර කර බිරියානි කාලා.. මියගිය දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණය එළියට.. වෙලා තියෙන දෙය මෙන්න..

රස කර කර බිරියානි කාලා.. මියගිය දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණය එළියට.. වෙලා තියෙන දෙය මෙන්න..


නමුත් මෙතෙක් පාලන මිලට සහල් ලබාගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව හිමිව නැත.

එමෙන්ම, වෙ‍ෙළඳපොළ තුළ නාඩු, සුදු සහ රතු කැකුළු ඇතුළු සහල් වර්ග තිහිපයක හිඟයක්ද නිර්මාණය වී තිබෙනවා.

එවන් පසුබිමක, සහල් නිෂ්පාදකයින් සතු තොග පිළිබඳ දත්ත රැස්කර කඩිනමින් තමාට වාර්ථාවක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා දුන් උපදෙස් මත පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් මහා පරිමාණ සහ මධ්‍ය පරිමාණ සහල් මෝල් පරීක්ෂාව ඊයේ (26) ආරම්භ කළේ ය.

ඒ අනුව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සහල් මෝල් කිහිපයක් අද දිනයේත් පරීක්ෂාවට ලක් කෙරිණ.

ඩඩ්ලි සිරිසේන මහතාට අයත් අරලිය සහල් මෝලෙහි දත්ත ලබාගැනීම සඳහා පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් අද පෙරවරුවේ පැමිණියේ ය.

"එතුමාටත් නෑ.. මටත් නෑ.. අපි දෙන්නම එකට ඉන්නේ.. - ජනපති අනුරට ප්‍රසිද්ධියේම රනිල් වික්‍රමසිංහ දැම්ම කින්ඩිය.. (VIDEO)

"එතුමාටත් නෑ.. මටත් නෑ.. අපි දෙන්නම එකට ඉන්නේ.. - ජනපති අනුරට ප්‍රසිද්ධියේම රනිල් වික්‍රමසිංහ දැම්ම කින්ඩිය.. (VIDEO)


මධ්‍ය පරිමාණ සහල් මෝල් කිහිපයක්ද පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක් විය.

එමෙන්ම, මීට සමගාමීව අනුරාධපුර, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කයන්හි සහල් මෝල්වල දත්ත ලබාගැනීම ද සිදු කෙරිණ.

අවසන් වාර්තාව හෙට දිනයේ පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරියේ සභාපතිවරයාට ලබාදීමට නියමිතය.

කෙසේ වෙතත්, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා කියා සිටියේ ජනාධිපතිවරයා ලබාදෙන උපදෙස් මත ඉදිරි කටයුතු සිදුකරන බවයි.