රස කර කර බිරියානි කාලා.. මියගිය දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණය එළියට.. වෙලා තියෙන දෙය මෙන්න..

Sri Lanka Police Kurunegala Hospitals in Sri Lanka Death Latest Headlines
By krishani Oct 27, 2024 02:28 PM GMT
krishani

krishani

Report

හෝටලයකින් මිලදී ගත් බිරියානි කෑම පාර්සලයක් අනුභව කොට ඇතිවූ අසාත්මිකතාවක් හේතුවෙන් දැරියක් මියගිය පුවතක් වාර්තා වුණා.

එලෙස මියගිය දැරියගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා තිබෙනවා.

එහිදී අනාවරණය වී ඇත්තේ අසාත්මිකතාවයෙන් පසුව සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්වලට සිදුවූ හානි නිසා මරණය සිදුව තිබෙන බව ය.

"එතුමාටත් නෑ.. මටත් නෑ.. අපි දෙන්නම එකට ඉන්නේ.. - ජනපති අනුරට ප්‍රසිද්ධියේම රනිල් වික්‍රමසිංහ දැම්ම කින්ඩිය.. (VIDEO)

"එතුමාටත් නෑ.. මටත් නෑ.. අපි දෙන්නම එකට ඉන්නේ.. - ජනපති අනුරට ප්‍රසිද්ධියේම රනිල් වික්‍රමසිංහ දැම්ම කින්ඩිය.. (VIDEO)


මෙලෙස අදාළ දැරිය අනුභව කර ඇත්තේ ගිරිඋල්ල නගරයේ හෝටලයකින් මිලදී ගත් ආහාර පාර්සලයක් ය.

ඒ හේතුවෙන් ඇති වූ අසාත්මිකතාව හේතුවෙන් සිසුවිය දඹදෙණිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එහිදී ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව පොලිසිය සඳහන් කළේ ය.

මෙසේ මියගොස් ඇත්තේ (15) හැවිරිදි ගිරිඋල්ල, මැද්දෙපොල, හේන්යාය ප්‍රදේශයේ පදිංචි සිසුවියක් ය.

හවස් යාමේ මොකක්ද මේ වෙනවා කියන්නේ?. පරිස්සමෙන්.. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක් මෙන්න..

හවස් යාමේ මොකක්ද මේ වෙනවා කියන්නේ?. පරිස්සමෙන්.. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක් මෙන්න..


හෝටලයකින් රැගෙන ආ කෑම පාර්සලය මියගිය සිසුවිය තවත් තිදෙනෙකු සමග ආහාරයට ගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, එම ආහාර අනුභවයෙන් පසුව ආසාත්මිකතාවය ඇති වී තිබෙන්නේ මෙම දැරියට පමණක් බව‍ සඳහන් වේ.

බිරියානි කෑම පාර්සල් දෙකක් මියගිය අයගේ සහොදරයා විසින් මිලට ගෙන ඇති බව සඳහන් වේ.

ඒ අනුව එම ආහාර නිවසේ සිට අනුභව කොට ඇති බව වාර්තා වේ.