කෙටි පණිවුඩයක් නිසා හදිසියේම අගමැති ඉල්ලා අස්වෙයි..ආන්දෝලනාත්මක තත්වයක්..

Australia Political Australia prim minister
By Aruna Feb 06, 2022 07:31 AM GMT
Aruna

Aruna

Report

 ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් බොරුකාරයෙකු ලෙස දක්වමින් කෙටි පණිවුඩයක් යොමු කල නියෝජ්‍ය අග්‍රාමාත්‍ය බාර්නබි ජොයිස් තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

සිය ඉල්ලා අස්වීම අද පෙරවරුවේ අග්‍රාමාත්‍යවරයා වෙත යොමු කල බවත් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ සමාව අයැද සිටින බවත් ඔහු කියාසිටියා.

ඕස්ට්‍රේලියානු පුවත්පත් කිහිපයක් වාර්තාකරන පරිදි නියෝජ්‍ය අගමැතිවරයා විසින් පසුගිය වසරේදීයි කාර්ය මණ්ඩල සාමාජිකයෙකු වෙත මෙම පණිවුඩය යොමු කර ඇත්තේ.

අගමැතිවරයා කෙරෙහි තමන් තුළ කිසිදු විශ්වාසයක් නැතැයිද නියෝජ්‍ය අගමැතිවරයා මෙහිදී පවසා තිබුණා.

මෙම කෙටි පණිවුඩය සම්බන්ධයෙන් නියෝජ්‍ය අගමැති බාර්නබි ජොයිස් ඊයේ දිනයේදී අගමැති ස්කොට් මොරිසන් වෙත කණගාටුව පළකර තිබුණා.

මෙම කෙටි පණිවුඩය තමන් විසින් යොමු නොකර සිටියේ නම් යහපත් බවයි බාර්නබි ජොයිස් පවසා ඇත්තේ.

අගමැති මොරිසන් සම්බන්ධයෙන් නිවු සවුත් වේල්ස් හිටපු අගමැතිනිය සහ කැබිනට් අමාත්‍යවරයෙකු අතර කෙටි පණිවුඩ හුවමාරුවක් පිළිබඳ ආන්දෝලනාත්මක තත්වයක් පවතින අවස්ථාවකයි මෙම නවතම සිදුවීමද කරළියට පැමිණියේ.

කෙසේවෙතත් නියෝජ්‍ය අගමැතිවරයාගේ ඉල්ලා අස්වීම තමන් මෙතෙක් පිළිගෙන නොමැති බවයි අගමැති ස්කොට් මොරිසන් සඳහන් කර ඇත්තේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now