මේ අය ඩෙංගුවලින් නිදහස්.. පළමු වරට ඩෙංගු එන්නත භාවිතයට අවසර - එන්නත ලබා ගැනීමට විශේෂ උපදෙස්

Report

ඩෙංගු උණ එන්නත වන Qdenga, ඕස්ට්‍රේලියාවේ ප්‍රථම වරට ලබා ගත හැකි බව වාර්තා වේ.

ඒ අනුව ඕස්ට්‍රේලියාවේ ප්‍රතිශක්තිකරණ උපදේශක කමිටුවේ (ATAGI) නව මාර්ගෝපදේශ අනුව 'Qdenga' වශයෙන් හඳුන්වන මෙම එන්නත ඇණවුම් කිරීමට දැන් එරට වෛද්‍යවරුන්ට පහසුකම් සපයා ඇති බව සඳහන්.

විශේෂයෙන්ම මීට පෙර ඩෙංගු වැළඳී ඇති සහ විදේශ සංචාරවල නිරත වන පුද්ගලයින්ට මෙම එන්නත ලබා ගන්නා ලෙස උපදේශක කමිටුව දැඩි ලෙස අවධාරණය කර ඇති අතර මීට පෙර ඩෙංගු වැළඳී නොමැති වුවද අවුරුදු හතරට වැඩි පුද්ගලයින් ඩෙංගු අවදානම් සහිත රටවල කෙටි කාලීන සංචාර නිරත වන්නේ නම්, වෛද්‍ය උපදෙස් මත මෙම එන්නත ලබා ගැනීම කෙරෙහි අවධානය යොමු කළ හැකි බව ද අඳාළ මාර්ගෝපදේශවල සඳහන් බව වාර්තා වේ.

අධ්‍යාපන ක්ෂේත්‍රයම වෙනස් කරමින් ගුරුවරුන්ට විශේෂ වෘත්තීය බලපත්‍ර සහ සහතික කිරීමේ ක්‍රමවේදයක් - බලපත්‍රය දෙන්නේ මේ ගුරුවරුන්ට පමණයි - අගමැති

අධ්‍යාපන ක්ෂේත්‍රයම වෙනස් කරමින් ගුරුවරුන්ට විශේෂ වෘත්තීය බලපත්‍ර සහ සහතික කිරීමේ ක්‍රමවේදයක් - බලපත්‍රය දෙන්නේ මේ ගුරුවරුන්ට පමණයි - අගමැති

Qdenga මිලි ලීටර් 0.5 එන්නත් කළ මාත්‍රා දෙකකින් ලබා දෙන අතර, අවම වශයෙන් සති 12 ක පරතරයකින් පරිපාලනය කෙරෙන බව සඳහන්.

ඕස්ට්‍රේලියාවේ ප්‍රතිශක්තිකරණ උපදේශක කමිටුව සඳහන් කරන්නේ ආරක්ෂාවේ මට්ටම සහ කාලසීමාව උපරිම කිරීම සඳහා මාත්‍රා දෙකම අත්‍යවශ්‍ය බවයි.

ඩෙංගු වෛරසය ගෝලීය වශයෙන් වේගයෙන්ම වර්ධනය වන බෝවන රෝගය වන අතර, වාර්ෂිකව රෝග ලක්ෂණ මිලියන 100 ක් පමණ වාර්තා වන බව සඳහන්.

එමෙන්ම ඕස්ට්‍රේලියාවේ වාර්තා වන ඩෙංගු රෝගීන්ගෙන් බහුතරයක් ඉන්දුනීසියාව, තායිලන්තය, ඉන්දියාව, වියට්නාමය සහ ෆීජි වැනි ඩෙංගු අවදානම අධික රටවල සංචාරය කර පැමිණි අය වේ.

මීට පස්සේ මෙහෙම එළවළු, පලතුරු අලෙවිය තහනම් - දිවයින පුරා විශේෂ වැඩපිළිවෙලක්

මීට පස්සේ මෙහෙම එළවළු, පලතුරු අලෙවිය තහනම් - දිවයින පුරා විශේෂ වැඩපිළිවෙලක්

සියලුම රජයේ පාසල් දරුවන්ට සුබම සුබ ආරංචියක් - රුපියල් මිලියන 1,614ක් වැය කරයි

සියලුම රජයේ පාසල් දරුවන්ට සුබම සුබ ආරංචියක් - රුපියල් මිලියන 1,614ක් වැය කරයි