බොරැල්ලේ හෝටලයක හදිසියේ ගින්නක් - ගින්න නිවීමට දැඩි උත්සාහයක් - පිරිසක් රෝහලට
අද (23) දින රාත්‍රියේ බොරැල්ල වෝඩ් පෙදෙසේ පිහිටි හෝටලයක ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව එම ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ 4ක් යොදවා ඇති බව සඳහන්. එසේම ගින්න ඇතිවූ අවස්ථාවේ එම හෝටලය තුළ විදේශිකයින් තිදෙනෙකු සිට ඇති අතර ඔවුන් මුදාගත් බව බොරැල්ල පොලීසිය පවසයි.
තවද එහි සිටි තවත් කිහිප දෙනෙකු ගින්නේ දුම ආඝ්‍රාණය වීම නිසා රෝහල්ගත කර ඇති බවද පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
කෙසේ වෙතත් ගින්නට හේතුව හෝ සිදුව ඇති දේපළ හානිය පිළිබඳ මෙතෙක් නිශ්චිත තොරතුරු වාර්තා වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව සඳහන්.
සියලු රාජ්‍ය සේවකයන්ට රු. 25,000ක දීමනාව අවශ්‍යයි - අද රාජ්‍ය ආයතන රැසක් කැළඹෙයි - රාජ්‍ය නිලධාරීන් ගුරු විදුහල්පති ඇතුළු - කළු ඇඳුමින් පාසලට පැමිණෙයි