මේ පාසල් සිසුන්ට ජනාධිපති අරමුදලින් නොමිලේ මේ දේවල් ලබා දේ
දිට්වා ව්‍යසනයෙන් ආපදාවට පත් වූ ඇස් කණ්ණාඩි අවශ්‍යතා සහිත පාසල් දරුවන් වෙනුවෙන් ජනාධිපති අරමුදල මගින් නොමිලේ ඇස් කණ්ණාඩි ලබාදීමේ වැඩසටහනක් නොවැම්බර් 28 සහ 29 යන දෙදින තුළ ක්‍රියාත්මක කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ඒ අනුව, මහනුවර, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක තුනෙහි පාසල් 135ක සිසුන් 1,193 දෙනෙකුට මෙම වැඩසටහන යටතේ ඇස් කණ්ණාඩි ප්‍රදානය කිරීමට නියමිතය. නොවැම්බර් 28 වැනිදා මහනුවර, තෙල්දෙණිය, වත්තේගම සහ කටුගස්තොට අධ්‍යාපන කලාපවල පාසල් සිසුන් සඳහා වත්තේගම සමුද්‍රදේවී බාලිකා විද්‍යාලයේදීත්, ගම්පොළ සහ දෙනුවර අධ්‍යාපන කලාපවල සිසුන් සඳහා ජිනරාජ ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේදීත් ඇස් කණ්ණාඩි ප්‍රදානය කෙරේ.
එදිනම මාතලේ දිස්ත්‍රික්කයේ විල්ගමුව, නාඋල, ගලේවෙල සහ මාතලේ අධ්‍යාපන කලාපවල සිසුන් සඳහා මාතලේ විජය ජාතික පාසලේදී ඇස් කණ්ණාඩි ලබා දෙනු ඇත.
තවද නොවැම්බර් 29 වැනිදා නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය, වලපනේ සහ හඟුරන්කෙත අධ්‍යාපන කලාපවල සිසුන් සඳහා ද, හැටන් අධ්‍යාපන කලාපයේ දරුවන් වෙනුවෙන් හැටන් හයිලන්ඩ්ස් විදුහලේදී ද ඇස් කණ්ණාඩි ප්‍රදානය කිරීමට නියමිතය.
ජනාධිපතිවරයාගේ මගපෙන්වීම යටතේ ජනාධිපති අරමුදලේ නව වැඩසටහනක් ලෙස හඳුන්වා දුන් මෙම ව්‍යාපෘතිය මගින් ඇස් කණ්ණාඩි අවශ්‍යතා සහිත සියලු පාසල්, කාර්මික විද්‍යාල සහ විශ්වවිද්‍යාල සිසුන්ට නොමිලේ ඇස් කණ්ණාඩි ලබාදීම සිදු කෙරේ. එක්සත් රාජධානියේ Stroud Rotary Club සහ Wish පදනම මෙම වැඩසටහන සඳහා අනුග්‍රාහකත්වය සපයයි.