කාන්තාවන් ගැන ජාතික සමීක්ෂණයකින් භයානක හෙළිදරව්වක් - නොවැම්බර් 25 සිට දෙසැම්බර් 10 දක්වා විශේෂ වැඩපිළිවෙළක්
ජාතික කාන්තා සුබසාධන සමීක්ෂණයේ දත්ත මඟින් ශ්‍රී ලංකාවේ සමීපතම සහකරුවෙකු අතින් ලිංගික හිංසනයට ලක් වූ කාන්තාවන්ගෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් (49.3%) කිසිදු විධිමත් සහායක් පතා නොමැති බව හෙළි වී ඇත.
ඒ අනුව 2019 වසරේ සිදුකළ එම සමීක්ෂණ වාර්තාවට අනුව, සහකරුවෙකු සිටි කාන්තාවන්ගෙන් පස් දෙනෙකුගෙන් දෙදෙනෙකු (39.8%) සිය ජීවිත කාලය තුළ ශාරීරික, ලිංගික, මානසික හෝ ආර්ථික හිංසනයන්ට ලක්ව තිබෙන අතර, පස් දෙනෙකුගෙන් එක් අයෙකු (20.4%) සමීපතම සහකරුවෙකු අතින් ශාරීරික සහ/හෝ ලිංගික හිංසනයට ගොදුරු වී ඇති බව සඳහන්.
මෙසේ ඔවුන් සහාය නොපැතීමට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ සමාජ අපකීර්තිය, පළිගැනීම් පිළිබඳ බිය සහ පවතින උපකාරක සේවාවන් පිළිබඳ සීමිත දැනුවත්භාවයයි.
මා වෙනුවෙන් හෝ මේ රටේ මුස්ලිම් ජනතාව වෙනුවෙන් හෝ කතා කිරීමට ඔබට වරමක් නැත.. ලංකාව ගැන කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයට හිටපු අමාත්‍ය අලි සබ්රිගෙන් විශේෂ සටහනක්
මෙම තත්ත්වයට පිළියම් යොදමින්, ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනයට (GBV) ලක්වූවන්ට යුක්තිය සඳහා ඇති ප්‍රවේශය ශක්තිමත් කිරීමේ ජාතික වැඩපිළිවෙළ ශ්‍රී ලංකාව විසින් නිල ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.
මෙම වැඩපිළිවෙළ, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA ශ්‍රී ලංකා) සහ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනයට එරෙහි සංසදය (FAGBV) එක්ව ඉදිරිපත් කර ඇත.
ඒ අනුව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්, නියෝජ්‍ය අමාත්‍ය නාමල් සුදර්ශන, අමාත්‍යාංශ ලේකම් ඩබ්.එම්.ඩී.ටී. වික්‍රමසිංහ සහ UNFPA ශ්‍රී ලංකා සහකාර නියෝජිත වෛද්‍ය දයානාත් රණතුංග යන අය මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කර ඇත.
සියලු රාජ්‍ය සේවකයන්ට රු. 25,000ක දීමනාව අවශ්‍යයි - අද රාජ්‍ය ආයතන රැසක් කැළඹෙයි - රාජ්‍ය නිලධාරීන් ගුරු විදුහල්පති ඇතුළු - කළු ඇඳුමින් පාසලට පැමිණෙයි
එළඹෙන නොවැම්බර් 25 වන දින යෙදෙන කාන්තාවන්ට එරෙහි ප්රචණ්ඩත්වය තුරන් කිරීමේ ජාත්‍යන්තර දිනයේ සිට දෙසැම්බර් 10 වන දින යෙදෙන මානව හිමිකම් දිනය දක්වා ක්‍රියාත්මක වන මෙම ව්‍යාපාරය, "#යුක්තියමගේ අයිතියයි (#JusticeIsMyRight) එක්සත්ව ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය නවතමු" යන ජාතික තේමාව යටතේ මෙහෙයවන බව සඳහන්.
එසේම 2026 නොවැම්බර් 25 වන බදාදා කොළඹ තුරඟ තරඟ පිටියේ සිට කොළඹ මහ නගර සභාව දක්වා ජාතික පාගමනක් පැවැත්වෙන බවත් අනතුරුව යුක්තිය ඉටුකර ගැනීමට ඇති බාධා ජයගැනීම පිළිබඳ සංවාදයක් පැවැත්වෙන බවත් වාර්තා වේ.
එසේම හිංසනයට ලක්වූවන්ට සහාය වන ආයතන අතර සම්බන්ධීකරණය ඉහළ නැංවීමට 'සේවා සපයන්නන්ගේ ජාතික ඩිජිටල් නාමාවලිය' හඳුන්වා දී ඇත.
එමෙන්ම මෙහිදී "ඒක පොඩි දෙයක් නෙවෙයි" වැඩසටහන: පොදු ස්ථානවල සිදුවන ලිංගික හිරිහැර සහ ගෘහස්ථ හිංසනය හඳුනාගෙන ඊට මැදිහත් වීමට ප්‍රජාව දිරිමත් කරන සන්නිවේදන වැඩසටහනක් ද දියත් කෙරෙන බව සඳහන්.
ජනවාරි 1 සිට වැටුප් වැඩිවෙන්නේ මේ විදිහටයි - විවිධ ශ්‍රේණිවලට වැටුප් වැඩිවෙන ආකාරය ගැන සංඛ්‍යා ලේඛණ එළියට
තවද නීතිමය හා ප්‍රතිපත්තිමය ප්‍රතිසංස්කරණ නිර්දේශ ඒකරාශී කර දෙසැම්බර් 12–13 දිනවලදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්.
එසේම හිංසනයට ලක්වන කාන්තාවන්ට සහාය වීමට පැය 24 පුරා ක්‍රියාත්මක 1938 ගාස්තු රහිත කාන්තා උපකාරක සේවය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමටත්, හිංසනයට ලක්වූවන්ගේ ගෞරවය හා පෞද්ගලිකත්වය සුරැකෙන ලෙස ආචාර ධර්මීය වාර්තාකරණයක නිරත වන ලෙස මාධ්‍ය ආයතන දිරිමත් කිරීමටත් මෙහිදී පියවර ගෙන තිබෙනවා.