ලංකාවෙත් අවධානය දිනූ සිම්බාබ්වේ ප්‍රසිද්ධ දේශකයෙකු අත්අඩංගුවට - අශෝභන පහරදීම් සහ සමලිංගික සේවනයට චෝදනා
ශ්‍රී ලාංකික දේශක ජෙරොම් ප්‍රනාන්දු සමඟ සමීප සබඳතා පවත්වන ප්‍රසිද්ධ සිම්බාබ්වේ දේශකයෙකු වන යූබර්ට් ඒන්ජල්(Uebert Angel) අශෝභන පහරදීම් සහ සමලිංගික සේවනය යන චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මේ අතර සිම්බාබ්වේ ජනරජ පොලිසිය තහවුරු කර ඇත්තේ ඒන්ජල්ගේ සැබෑ නම උබට් මුඩ්සානියර් වන අතර, ඔහු නොවැම්බර් 22 දින අත්අඩංගුවට ගත් බවයි.
එබැවින් පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, "අශෝභන පහරදීම් සහ ලිංගික අපයෝජන චෝදනා මත අද දහවල් අනාගතවක්තෘ උර්බට් ඒන්ජල් අත්අඩංගුවට ගැනීම ZRP තහවුරු කරයි," යනුවෙන්.
කාන්තාවන් ගැන ජාතික සමීක්ෂණයකින් භයානක හෙළිදරව්වක් - නොවැම්බර් 25 සිට දෙසැම්බර් 10 දක්වා විශේෂ වැඩපිළිවෙළක්
එසේම සිම්බාබ්වේ මාධ්‍ය වාර්තාවලට අනුව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් පෝල් නියාති ද අත්අඩංගුවට ගැනීම තහවුරු කර ඇති බව සඳහන්.
ස්පිරිට් තානාපති කාර්යාලයේ නිර්මාතෘ වන ඒන්ජල්, ප්‍රසිද්ධ ආගමික චරිතයක් වන අතර සිම්බාබ්වේ තානාපතිවරයා වශයෙන් ද සේවය කර තිබෙනවා.
එසේම ප්‍රාදේශීය මාධ්‍ය වාර්තාවලට අනුව, හරාරේහි පල්ලියේ දේව මෙහෙයක් අතරතුර ඔහුව මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර චෝදනාවලට සම්බන්ධ වූවන්ගේ අනන්‍යතා ඇතුළු සම්පූර්ණ තොරතුරු පොලිසිය ප්‍රසිද්ධියේ හෙළි කර නොමැති බවත් සඳහන්.
සියලු රාජ්‍ය සේවකයන්ට රු. 25,000ක දීමනාව අවශ්‍යයි - අද රාජ්‍ය ආයතන රැසක් කැළඹෙයි - රාජ්‍ය නිලධාරීන් ගුරු විදුහල්පති ඇතුළු - කළු ඇඳුමින් පාසලට පැමිණෙයි
කෙසේ වෙතත් චෝදනා අධිකරණයේදී ඔප්පු වී නොමැති බව ද වාර්තා වේ.
ඒන්ජල්ට ශ්‍රී ලංකාවේ මතභේදාත්මක දේශකයෙකු වන ජෙරොම් ප්‍රනාන්දු සමඟ සමීප සබඳතා තිබෙන බවත් ඔහු ප්‍රසිද්ධියේ ඔහුව තම අධ්‍යාත්මික පියා සහ ආගමික උපදේශකයා වශයෙන් විස්තර කර ඇති බවත් සඳහන්.
එමෙන්ම මෙම දේශකයින් දෙදෙනා අතර ඇති සම්බන්ධය මින් පෙර ශ්‍රී ලංකාවේ මහජන අවධානයට ලක්ව තිබුණ බව සඳහන්.