මීට පස්සේ මෙහෙම එළවළු, පලතුරු අලෙවිය තහනම් - දිවයින පුරා විශේෂ වැඩපිළිවෙලක්

Report

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මඟින් වෙළෙඳපොළේ අලෙවියට තබා ඇති එළවළු සහ පලතුරුවල ප්‍රමිතිය සොයා බැලීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව එම අධිකාරියේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් සමන්තා කරුණාරත්න සඳහන් කළේ සෞඛ්‍ය, වෙළෙඳ, කෘෂිකර්ම යන අමාත්‍යාංශ මෙන්ම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ඇතුලු රාජ්‍ය ආයතන 10කට වැඩි සංඛ්‍යාවක් මෙම වැඩසටහනට එක්ව සිටින බවයි.

එසේම ඇය කියා ඇත්තේ පලතුරු හා එළවළු නිෂ්පාදන පාරිභෝජනයට සුදුසු තත්ත්වයේ පවතින බව සහතික කර ගැනීමට මේ වන විට දත්ත පද්ධතියක් නිර්මාණය කරමින් සිටින බවයි.

අධ්‍යාපන ක්ෂේත්‍රයම වෙනස් කරමින් ගුරුවරුන්ට විශේෂ වෘත්තීය බලපත්‍ර සහ සහතික කිරීමේ ක්‍රමවේදයක් - බලපත්‍රය දෙන්නේ මේ ගුරුවරුන්ට පමණයි - අගමැති

අධ්‍යාපන ක්ෂේත්‍රයම වෙනස් කරමින් ගුරුවරුන්ට විශේෂ වෘත්තීය බලපත්‍ර සහ සහතික කිරීමේ ක්‍රමවේදයක් - බලපත්‍රය දෙන්නේ මේ ගුරුවරුන්ට පමණයි - අගමැති

මේ අතර පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය, එළවළු හා පලතුරු වගාකරුවන් මෙන්ම වෙළදුන් දැනුවත් කිරීමේ වැඩසටහනක්ද ආරම්භ කර ඇති බව සඳහන්.

එබැවින් එම අධිකාරිය සඳහන් කරන්නේ මිනිස් සිරුරට අහිතකර විෂ සහිත රසායනික ද්‍රව්‍ය භාවිතා කර එළවළු හා පලතුරු කල්තබා ගන්නා වෙළදුන් සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානයක් යොමුකරන බවයි.  

හෙටත් පැය 8ක ජල කප්පාදුවක් - ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ දන්වා නිවේදනයක්

හෙටත් පැය 8ක ජල කප්පාදුවක් - ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ දන්වා නිවේදනයක්

සියලුම රජයේ පාසල් දරුවන්ට සුබම සුබ ආරංචියක් - රුපියල් මිලියන 1,614ක් වැය කරයි

සියලුම රජයේ පාසල් දරුවන්ට සුබම සුබ ආරංචියක් - රුපියල් මිලියන 1,614ක් වැය කරයි