ජාතික වැඩවර්ජනය හේතුවෙන් අද ගුවන් ගමන් සියල්ලම පාහේ අවලංගු කෙරේ

Report

බෙල්ජියමේ රජය ක්‍රියාත්මක කරන වියදම් කප්පාදු කිරීමේ ප්‍රතිපත්තිවලට විරෝධය පළ කරමින් එරට වෘත්තීය සමිති ආරම්භ කර ඇති ජාතික වැඩවර්ජනයක් හේතුවෙන් අද (23) දිනයේ ගුවන් ගමන් සියල්ලම පාහේ අවලංගු කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම වැඩවර්ජනයට ගුවන් ගමන් පාලන නිලධාරීන්ද එක්වීමට තීරණය කිරීමත් සමග එරට ගුවන්තොටුපොළවල මෙහෙයුම් කටයුතුවලට දැඩි බාධා එල්ල වී තිබෙනවා.

තායිලන්තයට එන්නැයි ජනපති අනුරට නිල ආරාධනාවක්

තායිලන්තයට එන්නැයි ජනපති අනුරට නිල ආරාධනාවක්

බෙල්ජියමේ ගුවන් ගමන් පාලන සේවා සපයන Skeyes සමාගම නිවේදනය කර ඇත්තේ වැඩවර්ජනය හේතුවෙන් අද පෙරවරු 7.00 සිට රාත්‍රී 9.00 දක්වා සාමාන්‍ය ගුවන් ගමන් පාලන සේවා සැපයීමට නොහැකි වන බවයි.

එම කාලසීමාව ග්‍රිනිච් වේලාවෙන් පෙරවරු 6.00 සිට රාත්‍රී 8.00 දක්වා වන බවද සඳහන්. ඒ අනුව බෙල්ජියමේ ගුවන්තොටුපොළවලින් පිටත්වන සහ එම ගුවන්තොටුපොළ වෙත පැමිණෙන ගුවන් ගමන් රැසක් අවලංගු වීමට නියමිතයි.

කුකුළු මස් මිල පහළට - බිත්තර මිල ගැනත් විශේෂ සහතිකයක්

කුකුළු මස් මිල පහළට - බිත්තර මිල ගැනත් විශේෂ සහතිකයක්

රජයේ වියදම් කප්පාදු කිරීමේ ක්‍රියාමාර්ගවලට එරෙහිව වෘත්තීය සමිති විසින් මෙම ජාතික වැඩවර්ජනය සංවිධාන කර ඇති අතර, එයට ගුවන් ගමන් පාලන සේවකයින්ද සහභාගී වීම හේතුවෙන් ගුවන් සේවා මෙහෙයුම්වලට මෙලෙස බලපෑම් එල්ල වී තිබෙනවා.