බංග්ලාදේශ A කණ්ඩායම සමඟ පැවැති තරගයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්
ආසියානු කුසලාන නැගී එන තරු එක්දින ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩය යටතේ බංග්ලාදේශ A කණ්ඩායම සමඟ පැවැති තරගයෙන් කඩුලු 7ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා A කණ්ඩායම අද (23) දින සමත් විය.
ඒ අනුව දෝහාහි වෙස්ට් එන්ඩ් පාර්ක් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ A කණ්ඩායමට පන්දුවාර 42.5කදී සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 145ක් පමණයි.
එසේම බංග්ලාදේශ ඉනිම වෙනුවෙන් පර්වේස් හොසේන් එමොන් ලකුණු 32ක් සහ ඉෆ්ටකාර් හොසේන් ලකුණු 31ක් රැස් කිරීමට සමත් වූ අතර නායක සයිෆ් හසන් ලකුණු 28ක් ලබා ගත්තා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක් - දිවයින පුරා සියලුම මට්ටම්වල ක්‍රිකට් ක්‍රීඩකයින්ට තම මව් භාෂාවෙන් ක්‍රිකට් නීති
එමෙන්ම ශ්‍රී ලංකා පන්දු යැවීමේදී රවිඳු ප්‍රනාන්දු විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 30කට කඩුලු 4ක් දවාගත් අතර වනුජ සහන් ලකුණු 20කට කඩුලු 3ක් බිඳ හෙළීමට සමත් විය.
එසේම විජයකාන්ත් වියස්කාන්ත් කඩුලු 2ක් දවා ගන්නා ලදි. ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා A කණ්ඩායම පන්දුවාර 21.5කදී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 146ක් ලබා ගනිමින් ජයග්‍රහණය තහවුරු කර ගැනීමට සමත් විය.
එහිදී නිශාන් මදුෂ්ක නොදැවී ලකුණු 43ක් රැස් කළ අතර පවන් රත්නායක නොදැවී ලකුණු 33කුත් ලසිත් ලකුණු 29කුත් රැස් කළා. එබැවින් ශ්‍රී ලංකා A කණ්ඩායමට පන්දු 169ක් ඉතිරිව තිබියදී කඩුලු 7ක ජයක් හිමිවිය.