අධ්‍යාපන බලධාරීන් විසින් පාසල් සිසුන්ට මේ තිළිණපත් ලබාදීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්
2027 වර්ෂය වෙනුවෙන් තෝරාගත් පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහි පැවිදි සිසුන් සහ සීලමාතාවන් වෙත පාවහන් ලබා ගැනීම වෙනුවෙන් තිළිණපත් ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව අධ්‍යාපන බලධාරීන් විසින් නිවේදනය කර ඇත.
එබැවින් දිවයිනේ පළාත් 09 ආවරණය වන ලෙස ක්‍රමවේද දෙකක් යටතේ මෙම පාවහන් ලබාදීමට සැලසුම් කර තිබෙන බව සඳහන්.
ඒ අනුව,
ඉදිරි වර්ෂවලදී අධික තදබදයක් ඇති පාසල්වලට කරන්න යන දේ - 6 සිට 11 ශ්‍රේණි දක්වා පන්තිවල දැවැන්ත වෙනසක් කරන්න යන අගමැති
විවෘත වෙළඳපොළෙන් මිලදී ගැනීම (පළාත් 04): මධ්‍යම, උතුර, උතුරු මැද සහ ඌව යන පළාත් හතරේ පාසල් සිසුන්ට තමන්ට ලැබෙන තිළිණපත් මඟින් විවෘත වෙළඳපොළෙන් පාවහන් මිලදී ගැනීමේ අවස්ථාව හිමි වෙයි.
පාසලටම ගොස් පාවහන් ලබාදීම (පළාත් 05): බස්නාහිර, දකුණ, සබරගමුව, නැගෙනහිර සහ වයඹ යන පළාත් පහේ පාසල් සිසුන් වෙනුවෙන් දේශීය පාවහන් සැපයුම්කරුවන් විසින් පාසලටම පැමිණ පාවහන් ලබාදීමට නියමිත බව සඳහන්.
මේ අතර මෙම වැඩසටහනට අදාළව සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම සහ වවුචර්පත් පරිලෝකනය කිරීමේ (Scanning) කටයුතු සිදු කෙරෙන කාලසීමාවන් ද ප්‍රකාශයට පත් කර ඇත.
කාන්තාවන් ගැන ජාතික සමීක්ෂණයකින් භයානක හෙළිදරව්වක් - නොවැම්බර් 25 සිට දෙසැම්බර් 10 දක්වා විශේෂ වැඩපිළිවෙළක්
ඒ, සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම : 2026 නොවැම්බර් 03 වන දින සිට 2026 දෙසැම්බර් 20 වන දින දක්වාත්
වවුචර්පත් පරීක්ෂා කිරීම (Scanning) කිරීම: 2026 නොවැම්බර් 10 වන දින සිට 2026 දෙසැම්බර් 20 වන දින දක්වායි.