ලෝක ප්‍රසිද්ධ අරාබි සමාජ මාධ්‍ය තරුවක් ලංකාවේ - Khalid Al Ameriගෙන් ආදරණීය පණිවිඩයක්
ලොව පුරා මිලියන ගණනක සමාජ මාධ්‍ය ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගත් ජනප්‍රිය අරාබි සමාජ මාධ්‍ය තරුවක් වන Khalid Al Ameri මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වනවා.
ඔහුගේ ශ්‍රී ලංකා සංචාරය නොවැම්බර් 20 වැනිදා සිට 24 වැනිදා දක්වා පැවැත්වෙන බව දැක්වෙන විශේෂ පෝස්ටරයක් ද මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.
මේ අතර, Khalid Al Ameri මේ වන විට ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල සංචාරය කරමින් සිටින ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන රැසක් ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතිනවා.
එමෙන්ම ශ්‍රී ලංකාවේ මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද අතිශය ජනප්‍රියත්වයක් දිනා සිටින 'Wild Cook' අන්තර්ගත නිර්මාණකරුවා සමඟ ඔහු එකට පෙනී සිටින ඡායාරූප කිහිපයක් ද මේ වන විට සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙමින් තිබීම විශේෂත්වයක්.
ඒ අනුව Khalid Al Ameri ගේ මෙවර ශ්‍රී ලංකා සංචාරයත් සමඟ මෙරට සමාජ මාධ්‍ය අවකාශය තුළ ඔහු පිළිබඳව වැඩි අවධානයක් යොමුව තිබෙනවා.
එමෙන්ම ශ්‍රී ලංකාවෙන් තමන්ට ලැබුණු ආදරය සහ සහයෝගය පිළිබඳව ද Khalid Al Ameri සිය නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ විශේෂ සටහනක් තබා තිබෙනවා. "Thank you Sri Lanka for all the amazing love and support you guys have given! I love you all and you guys are the best, Alhamdulillah!" යනුවෙන් සටහන් කරමින් ඔහු ශ්‍රී ලාංකිකයන්ට සිය ස්තුතිය පළ කර තිබුණා.
ශ්‍රී ලංකා ධජය ද එක්කරමින් පළ කර ඇති මෙම පණිවිඩය ඔහුට මෙරටින් ලැබෙන ආදරය පිළිබඳව හොඳ ඉඟියක් ලබාදෙනවා.
කවුද මේ Khalid Al Ameri?
Khalid Al Ameri යනු එක්සත් අරාබි එමීර් රාජ්‍යය පදනම් කරගත් ජනප්‍රිය වීඩියෝ නිර්මාණකරුවෙක් සහ සමාජ මාධ්‍ය තරුවක්. විවිධ රටවල සංචාරය කරමින් එම රටවල සංස්කෘතීන්, ජනතාවගේ ජීවන රටාවන්, ආහාරපාන සහ විශේෂ අත්දැකීම් සිය වීඩියෝ ඔස්සේ ලොවට ගෙන යාම ඔහුගේ අන්තර්ගතයන් අතර කැපී පෙනෙනවා.
ඔහුගේ හාස්‍යජනක වීඩියෝ සහ විවිධ සංස්කෘතීන් අතර ඇති සමානකම් හා වෙනස්කම් ඉදිරිපත් කරන නිර්මාණ නිසා ලොව පුරා විශාල රසික පිරිසක් ඔහු වටා එක්ව සිටිනවා.
විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වැනි රටක සංචාරය කරමින් එහි සුන්දරත්වය සහ ජනතාවගේ ආගන්තුක සත්කාරය අත්විඳීමට ඔහු දක්වන උනන්දුවත් රසිකයන්ගේ අවධානයට ලක්ව තිබෙනවා.
ඒ අනුව නොවැම්බර් 24 වැනිදා දක්වා පැවැත්වෙන ඔහුගේ මෙවර ශ්‍රී ලංකා සංචාරය තුළ තවත් මොන වගේ අත්දැකීම් ඔහුගේ කැමරාවට හසුවේවිද යන්න පිළිබඳව ඔහුගේ රසිකයන් දැන් බලා සිටිනවා.