කෙහෙළියගේ පවිත්‍රගේ හොද හොද සෙල්ලම් එළියට
නවතම විගණන වාර්තාව මගින් විශාල වංචාවක් පිළිබදව තොරතුරු හෙළි වී ඇත. ඒ අනුව කොවිඩ් 19 හදිසි ප්‍රතිචාර ව්‍යාපෘතියේදී ලෝක බැංකුවේ ණය ආධාර ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක කරන ලද සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් මිලදීගෙන තිබූ Blood Glucose strips සහ Atracurium injection , Nitroglycerin sublingual tablets යන වෛද්‍ය සැපයුම් අංශ ගබඩා තුළ කල් ඉකුත් වූ තිබූ බවත් මේවා රෝහල්වලට බෙදා නොදීමට කටයුතු කර තිබූ බවත් හෙළි වී ඇත.
එමෙන්ම මෙම කල් ඉකුත් වූ Glucose strips වල වටිනාකම රුපියල් මිලියන 219 කට ආසන්න වන බව වාර්තා වේ. වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා වාර්තා කර ඇත්තේ 2023 වසරේදී වෛද්‍ය සැපයුම් ඒකකය අංක පනස් හතර තොග ගබඩා වෙත ලද මෙම රුධිරගත සීනි මට්ටම මැනීමේ දර්ශක 2015 ජනවාරි තිස් එක වන විටත් රෝහල්වලට බෙදා නොදී කල් ඉකුත් වෙමින් පැවැති බව විගණනය පෙන්වා දෙන බවයි.
වැඩිදුරටත් විගණන වාර්තාව පෙන්වා දෙන්නේ නිලධාරීන්ගේ නොසැලකිලිමත්භාවය මත මෙම අලාභය සිදුව ඇති බවයි. එමෙන්ම වෛද්‍ය සැපයුම් ඒකකය තුළ මෙම දර්ශක පවතිද්දී රෝහල් බලධාරීන් විසින් 2022 වර්ෂයේදී රුපියල් මිලියන 59ක සහ 2023 වසරේ දී රුපියල් මිලියන 52 ක් වටිනා ග්ලුකෝස් දර්ශක ප්‍රාදේශීය මිලදී ගැනීම් ලෙස වැඩිමිලට මිලද ගෙන ඇති බවද විගණන වාර්තාව පෙන්නුම් කරයි.
එමෙන්ම රුධිරගත ග්ලූකෝස් මට්ටම මැන බැලීම සඳහා නොමිලේ ලබාගත හැකි Glucometer මැන බැලීමේ උපකරණ, Lancet කටුද ඇමෙරිකානු ඩොලර් 87 680 ක් වැය කොට මිලදීගෙන ඇති බව විගණනය වාර්තා කරයි. මෙම කාල සීමාවේදීම වෛද්‍ය සැපයුම් ඒකකයේ අංක 6 ගබඩාව වෙත මිලදී ගන්නා ලද රුපියල් මිලියන 38 ක් අධික වටිනාකමකින් යුත් Atracurium injection තොගයක්ද නිසි පරිදි ශීත දාම භාවිතා නොකිරීම නිසා කල් ඉකුත් වී ඇත.
පද්මේ සමග සම්බන්ධතා පැවැත්වුවා යැයි චෝදනා එල්ල වූ ජනප්‍රිය නිළි හේෂානි ඒ ගැන හෙළි කරයි - නොසිතූ කතාවක් එළියට
වැඩිදුරටත් රුපියල් මිලියන 71ක් වටිනා Nitroglycerine tablet ඖෂධ තොග ද වෛද්‍ය සැපයුම් මේකකය තුළ කල්ඉකුත් වී ඇති බව විගණනය පෙන්වා දෙන අතර ඉහත කල් ඉකුත් වූ උපකරණ සහ ඖෂධ වලට අමතරව තවත් රුපියල් මිලියන නවසීයක් වටිනා වෛද්‍ය සැපයුම් අයිතම 892ක් 2024 දෙසැම්බර් 31 වන විට වෛද්‍ය සැපයුම් කල්ඉකුත් වී ඇති බව මෙම නවතම විගණන වාර්තාව පෙන්වා දෙයි.
වෛද්‍ය චමල් සංජීව මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතික්‍රියක වංචාව, සංස්ථාවේ රුපියල් මිලියන නවසීයක මුදල් අවභාවිතාව, සහ තත්වෙන් බාලා ඖෂධ හා කල්ඉකුත් වූ ඖෂධ මිලදී ගැනීම සහ ගබඩා කිරීම නිසා මත එම කාලයේදී හිටපු සෞඛ්‍ය අමාත්‍යවරැන් වන පවිත්‍රා වන්නිආරච්චි ,චන්න ජයසුමන , කෙහෙල් රඹුක්වැල්ල පාලන කාලෙදි සිදුවූ දූෂණ සම්බන්ධයෙන් දිගින් දිගටම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ අල්ලස් කොමිසමට පැමිණිලි කරන නමුත් ඒ සම්බන්ධව විමර්ශන ක්‍රියාත්මක වීම දැඩි ලෙස ප්‍රමාද වන බවත්, විගණනය මගින්ම පෙන්වා දෙන පරිදි දූෂිත නිලධාරීන්ට එරෙහිව වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයා පියවර නොගැනීම කණගාටුදායක බවයි.