මේ බදු මුදල් නොගෙවන අයට වැඩ වරදියි - රජය සියලු පියවර ගනියි

Report

නීතිපතිවරයා අද (13) දින සුරාබදු ගෙවීම් පැහැර හරිනු ලැබු මත්පැන් නිශ්පාදනය සමාගම්වල හිඟ බදු මුදල් අයකර ගැනීම සඳහා සියලු පියවර ගෙන තිබෙන බව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

සමාජ ක්‍රියාකාරීකයෙකු වන සංජය මහවත්ත මහතා විසින් මත්පැන් නිශ්පාදන සමාගම් විසින් පැහැර හැර තිබෙන සුරාබදු අයකර ගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කර තිබෙන මුලික අයිතිවාසිකම් පෙත්සමක් අද කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා මෙම දැනුම් දීම සිදු කළේය.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, කුමුදුනී වික්‍රමසිංහ සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කිරීම සිදු විය. පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරය ගොනු කිරීමෙන් පසුව ඇතැම් සමාගම් වල හිග බදු මුදල්වල ප්‍රමාණය වැඩි වී තිබෙන බව ඒ මොහොතේ සඳහන් කළේය.

ඒ අනුව 2020 වසරේ ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමේ රුපියල් බිලියන 1.29 ක්ව පැවති හිග බදු මුදල 2024 වසරේ හිග බදු මුදල රුපියල් බිලියන 1.6 ක් ක් දක්වා වැඩි වී තිබෙන බවද මෙහිදී සඳහන් කළේය.

මරණ දඬුවමට ලක් වෙච්ච 12 දෙනාට මමත් වගකියන්න ඕනේ - ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සමඟ නිර්මාල් සමාව ඉල්ලයි

මරණ දඬුවමට ලක් වෙච්ච 12 දෙනාට මමත් වගකියන්න ඕනේ - ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සමඟ නිර්මාල් සමාව ඉල්ලයි

ජනාධිපති නීතිඥවරයා පැවසුවේමෙම සමාගම්වලට සද්භාවයෙන්ම බදු ගෙවීමේ බදු ගෙවීමේ අරමුණක් තිබුණේ නම් මෙවැනි තත්වයක් උද්ගත විය නොහැකි බවත් ය. එම අවස්ථාවේදී වගඋත්තරකාර ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රසික් සරුක් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයින්ගේ මත්පැන් නිශ්පාදන බලපත්‍රය මේ වන විට අත්හිටුවා තිබෙන බව ප්‍රකාශ කළේය.

එසේම සියලු බැංකු ගිණුම් හා දේපළ තහනමට ගෙන තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දී ඇත. ඉන් අනතුරුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මත්පැන් නිෂ්පාදන සමාගම්වල හිඟ බදු අය කර ගැනීම සඳහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගෙන තිබෙන බව සඳහන් කළේය.

හිග මත්පැන් බදු අය කර ගැනීම සඳහා ගෙන ඇති සියලු ක්‍රියාමාර්ගය ඇතුළත් දිවුරුම් ප්‍රකාශයක් අධිකරණයට ඉදිරිපත් කර තිබෙන බවත් ඔහු මෙහිදී පැවසුවේය.

ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

ඇතැම් සමාගම්වල මත්පැන් නිෂ්පාදන බලපත්‍ර අත්හිටුවා තිබෙන බවත් එම සමාගම්වල හිඟ බදු අය කර ගැනීම සඳහා ගත හැකි වැඩිදුර ක්‍රියා මාර්ග ගනිමින් පවතින බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා මෙහිදී සදහන් කර තිබේ.