මරණ දඬුවමට ලක් වෙච්ච 12 දෙනාට මමත් වගකියන්න ඕනේ - ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සමඟ නිර්මාල් සමාව ඉල්ලයි[VIDEO]

Report

2022 මැයි මස පැවති ජනතා අරගලය සමයේදී පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූ පිරිසට ජනාධිපති සමාව ලබාදිය යුතු බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසයි.

ඒ අනුව ඔහු සඳහන් කරන්නේ මෙම ඝාතනය තනිව හුදකලා සිදුවීමක් ලෙස නොව, එවකට පැවති සමස්ත ජනතා නැගිටීමේ වෙන් කළ නොහැකි කොටසක් ලෙස සැලකිය යුතු බවයි.

එබැවින් මෙම නඩු තීන්දුවෙන් පුද්ගලයින් 12 දෙනෙකුට මරණ දණ්ඩනය නියම කිරීම පිළිබඳව අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ අදාළ තීන්දුව නෛතික ලෙස නිවැරදි විය හැකි වුවත්, එය ආචාර ධර්මික සහ දේශපාලනමය වශයෙන් ගැටලුකාරී බවයි.

එබැවින් ඔහු පෙන්වා දෙන්නේ මන්ත්‍රීවරයාගේ ඝාතනය ආචාර ධාර්මිකව වැරදි ක්‍රියාවක් බව පිළිගන්නා අතරම, එහි වගකීමෙන් අරගලයට සහාය දුන් කිසිවෙකුට මිදිය නොහැකි බවයි.

මරණ දඬුවමට එරෙහිව නුවන් බෝපගේ සටන ඇරඹේ

මරණ දඬුවමට එරෙහිව නුවන් බෝපගේ සටන ඇරඹේ

එමෙන්ම අමරකීර්ති අතුකෝරළ මන්ත්‍රීවරයාගේ මරණය සම්බන්ධයෙන් එම ස්ථානයේ සිටි පිරිසට පමණක් දඬුවම් කිරීම සාධාරණ නොවන බවත්, එම ජනතා නැගිටීම අනුමත කළ සහ ඊට සහාය දුන් තමන් ඇතුළු ලක්ෂ සංඛ්‍යාත ජනතාව මෙහි සාමූහික වගකීම භාරගත යුතු බවත් ඔහු සඳහන් කරයි.

එසේම ජනාධිපති සමාව ලබාදීමේ ක්‍රියාවලිය ව්‍යවස්ථාවෙන් පවරා ඇත්තේ මෙවැනි සුවිශේෂී දේශපාලනමය තත්ත්වයන් කළමනාකරණය කිරීමට බව ද ඔහු වැඩිදුරටත් පවසයි.

ඒ අනුව අතීතයේදී ජනාධිපති සමාව අවභාවිත වූ අවස්ථා තිබුණද, මෙම අවස්ථාව එය නිවැරදිව භාවිත කළ හැකි අවස්ථාවක් බව ඔහු කියයි.

ඊට අමතරව 1971 කැරැල්ලට සම්බන්ධ පිරිස් 1977 බලයට පත් රජය මඟින් නිදහස් කිරීම දේශපාලනමය ලෙස ගත් නිවැරදි තීරණයක් බව පෙන්වා දෙන ඔහු, සාමූහික දේශපාලන ක්‍රියාවලදී සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා නීතියෙන් ඔබ්බට ගොස් දේශපාලනිකව විසඳිය යුතු බව ද ප්‍රකාශ කරයි.

ඒ අනුව ව්‍යවස්ථාවට වඩා ජනතාව මූලික වන බවත්, ජනතාවට ව්‍යවස්ථාව උල්ලංඝනය කළ හැකි බවට තමන් කළ ප්‍රකාශය මෙම අරගලකාරී සන්දර්භය තුළ තවදුරටත් අනුමත කරන බවත් ඔහු කියා සිටියි.

අමරකීර්තී ඝාතන නඩුවේ හදිසි වෙනසක් - ඝාතකයෝ ජනපති සමාව ඉල්ලන්න යයි - තීන්දුව වෙනස් වෙයිද?

අමරකීර්තී ඝාතන නඩුවේ හදිසි වෙනසක් - ඝාතකයෝ ජනපති සමාව ඉල්ලන්න යයි - තීන්දුව වෙනස් වෙයිද?

එසේම වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්යවරයා, අදාළ ඝාතකයින් නිදහස් කර මෙම සිදුවීමේ වගකීම සාමූහිකව භාර ගැනීම හරහා සමාජයේ දේශපාලන සාක්ෂරතාවය වැඩි කිරීමට කටයුතු කළ යුතු බව දක්වයි.

එබැවින් අඳාළ සිදුවීම දෙස නීතියේ රාමුවෙන් පමණක් නොව වඩාත් පුළුල් දේශපාලන මානයකින් බලන ලෙස ඔහු ජනාධිපතිවරයාගෙන් සහ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

අරගලයේ මුල් කාලයේ ඊට ක්‍රියාකාරීව සහාය දී අනතුරුව ඉන් ඉවත් වූ ඇතැම් විචාරකයින් මෙම නඩු තීන්දුව ගැන සතුටු වීම පදනම් විරහිත බවත්, ඔවුන්ද මෙම සාමූහික ක්‍රියාවලියේ කොටස්කරුවන් බවත් ඔහු තම අන්තර්ජාල නාලිකාව ඔස්සේ වීඩියෝවක් මුදා හරිමින් ප්‍රකාශ කර ඇත.

අඳාළ වීඩියෝව පහතින්,

පව් කියලා බුකියේ වැළපුණු හැමෝගෙම කටවල් වැහෙයි - පියුමිගේ පුතාගේ තවත් වීඩියෝවක් ලීක් වෙයි

පව් කියලා බුකියේ වැළපුණු හැමෝගෙම කටවල් වැහෙයි - පියුමිගේ පුතාගේ තවත් වීඩියෝවක් ලීක් වෙයි

සර්වාංග රෝගවලට තිත තබන සිද්ධාදී වෙද මැදුර

සර්වාංග රෝගවලට තිත තබන සිද්ධාදී වෙද මැදුර