අතුල තිලකරත්නගේ නම නිදහස් ලැයිස්තුවේ නැහැ - ඇත්ත හෙළිවේ (PHOTO)

Report

ජනාධිපති සමාව කූට ලෙස භාවිත කර සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධ නඩුව අද (10) විභාග වූ අතර, එහිදී අතුල තිලකරත්න නම් පුද්ගලයා කිසිදු නිල ලැයිස්තුවක නොමැතිව හොර රහසේ නිදහස් කර ඇති බව හෙළිවිය.

වරදට හිරේ යනවනම් යන්න ඕනේ ජනාධිපති - දිලිත් ජයවීර

වරදට හිරේ යනවනම් යන්න ඕනේ ජනාධිපති - දිලිත් ජයවීර

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපල්දෙණිය මහතා අත්අඩංගුවට ගෙන අද අධිකරණයට ඉදිරිපත් කළ අතර, නඩු විමර්ශනවලට බාධාවක් සිදුවිය හැකි බව පෙන්වා දී ඇපය ප්‍රතික්ෂේප කරන ලදි.

ලුණු කන එක දැන්නම් හීනයක්ම වගේ..

ලුණු කන එක දැන්නම් හීනයක්ම වගේ..

ඒ අනුව ඔහු හෙට (11) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළේය. CID පරීක්ෂණ වලින් අනාවරණය වූයේ 2024 නත්තල් සමයේදී සිරකරුවන් 57 ක් සහ 2025 නිදහස් දිනයේදී තවත් 11 ක් නීතියට පිටින් නිදහස් කර ඇති බවයි.

අනේ දෙයියනේ... පාසලක වෙඩි තැබීමක් - 9ක් මරුට

අනේ දෙයියනේ... පාසලක වෙඩි තැබීමක් - 9ක් මරුට

අධිකරණය මතක් කළේ මෙම සිදුවීම් අධිකරණ බලතලවලට එල්ල කළ සීරුවක් බවත්, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අධිකරණ අමාත්‍යාංශය සම්බන්ධව ද පරීක්ෂණ අවශ්‍ය බවත්ය. සැකකරු වෙනුවෙන් නීතිඥයා විශේෂ ආරක්ෂාවක් ඉල්ලා සිටි අතර, එය අධිකරණය විසින් අනුමත කරන ලදී.         

GalleryGallery