අනේ දෙයියනේ... පාසලක වෙඩි තැබීමක් - 9ක් මරුට

Report

කොරෝනා රෝගීන් 5000 පන්නලා.. පැය 24ට මරණ 4ක්

කොරෝනා රෝගීන් 5000 පන්නලා.. පැය 24ට මරණ 4ක්

දකුණු ඔස්ට්‍රියාවේ ග්‍රාස් නගරයේ පිහිටි ද්විතීයික පාසලක වෙඩි තැබීමක් සිදු ව, ඉන් පුද්ගලයින් 09 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පෙම්වතා නිසා නිරූපිකාවක් සියදිවි නසාගනී

පෙම්වතා නිසා නිරූපිකාවක් සියදිවි නසාගනී

රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේ, අද (10) මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර මෙය ඔස්ට්‍රියාවේ පාසලක සිදු වූ දරුණුතම ඛේදවාචකයක් ලෙස සැලකෙන බවයි.

නාඳුනන වෙඩික්කරු තනිවම ප්‍රහාරයට පැමිණ ඇති අතර ප්‍රහාරයෙන් වෙඩික්කරු ද මියගොස් තිබෙනවා. ඔස්ට්‍රියාවේ ජාතික ගුවන් විදුලි නාලිකාවක් වන ORF පැවසුවේ පුද්ගලයින් 30 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි.

මියගිය අයගෙන් වැඩි දෙනෙක් පාසලේ සිසුන් බව ඔස්ට්‍රියානු මාධ්‍ය වාර්තා කළා.

පොලිසිය ඝාතකයා ප්‍රසිද්ධියේ හඳුනා නොගත් නමුත් ඔස්ට්‍රියානු මාධ්‍ය තහවුරු නොකළ වාර්තා උපුටා දක්වමින් කියා සිටියේ ඔහු පාසලට ඇතුළු වී සිසුන්ට වෙඩි තැබූ හිටපු ශිෂ්‍යයෙකු බවයි.

දේශපාලනඥයන් වෙනුවෙන් ව්‍යාජ වෛද්‍ය වාර්තා - බන්ධනාගාර වෛද්‍යවරුන්ට අක්‍රමිකතා පරීක්ෂණ

දේශපාලනඥයන් වෙනුවෙන් ව්‍යාජ වෛද්‍ය වාර්තා - බන්ධනාගාර වෛද්‍යවරුන්ට අක්‍රමිකතා පරීක්ෂණ

“ග්‍රාස් හි පාසලක ඇති වූ කලහය අපේ මුළු රටම දැඩි ලෙස කම්පා කළ ජාතික ඛේදවාචකයක්,” ඔස්ට්‍රියානු චාන්සලර් ක්‍රිස්ටියන් ස්ටෝකර් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා. මේ වනවිට ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇති අතර, වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.