මඟ බලන් හිටපු අස්වැසුම බැංකු ගිණුමටම වැටෙන දිනේ මෙන්න

Report

හෙට (31) 2026 ජූලි මාසයට අදාළව අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා වන අස්වැසුම වැඩිහිටි දීමනා ප්‍රතිලාභීන්ගේ අස්වැසුම බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිතය.

වාර්තා වන ආකාරයට අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමයේ පළමු අදියර යටතේ අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 621,638 දෙනෙකු සඳහා රුපියල් 3,108,190,000ක මුදලක් වෙන් කර ඇත.

එමෙන්ම, එහි දෙවන අදියර යටතේ අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 77,324 දෙනෙකු සඳහා රුපියල් 386,620,000ක මුදලක් බැර කිරීමට නියමිතව ඇත.

ඒ අනුව, අදියර දෙක යටතේ ප්‍රතිලාභීන් 698,962 දෙනෙකු සඳහා ගෙවීමට නියමිත සමස්ත මුදල රුපියල් 3,494,810,000ක් වන අතර අදාළ ප්‍රතිලාභීන්ට හෙට සිට තම වැඩිහිටි දීමනා අස්වැසුම බැංකු ගිණුම් හරහා ලබාගත හැකිය.

එකම තැනක රස දහසක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැනකෙළියට එන්න

එකම තැනක රස දහසක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැනකෙළියට එන්න