ඩිජිටල් ශ්‍රී ලංකාවක් උදෙසා ජනපති පළමු අත්පොත තබයි..

Anura Kumara Dissanayaka Sri Lanka President of Sri lanka Technology
By Piyumika Dec 05, 2024 05:12 PM GMT
Piyumika

Piyumika

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යවරයා ලෙස එම අමාත්‍යාංශයේදී අද (05) පස්වරුවේ වැඩ භාර ගත්තේය.

එම ධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව ඔහු පවසා සිටියේ, දේශපාලන අධිකාරියේ සහ ඩිජිටල් තාක්ෂණවේදීන්ගේ අපේක්ෂා සමපාත වී ඇති මේ අවස්ථාවේ රට ඩිජිටල්කරණය කිරීම සඳහා සියලුම වෘත්තීයවේදීන්ගේ සහයෝගය අපේක්ෂා කරන බවයි.

එමෙන්ම ඒ වෙනුවෙන් තමන් ඕනෑම අවස්ථාවක පෙනී සිටින බවද පැවසීය. ඩිජිටල්කරණය තුළින් ආර්ථික කටයුතුවල කාර්යක්ෂමතාව වැඩි කර රටේ ආර්ථිකය ඉහළ මට්ටමකට ගෙන ඒමට හැකි බවද හෙතෙම පවසයි.

දිළිඳුබව තුරන්කිරීම, සමාජීය ආකල්ප වෙනස් කිරීම සහ ඩිජිටල්කරණය රජයේ ප්‍රමුඛ අරමුණු වන බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

මගේ රටේවත් මෙහෙම නෑ..නැති වූ පමාවෙන් සොයා දුන් පොලිසියේ ඉක්මන් වැඩ ගැන විදෙස්කත විමතියට..(PHOTOS)

මගේ රටේවත් මෙහෙම නෑ..නැති වූ පමාවෙන් සොයා දුන් පොලිසියේ ඉක්මන් වැඩ ගැන විදෙස්කත විමතියට..(PHOTOS)

ගොඩනැගිලි ඉදිකිරීමෙන් පමණක් රටක් සංවර්ධනය නොවන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, මීට දශක දෙකකට පෙර ඉදිකිරීම් අමාත්‍යංශයක් පැවතුණු බව සිහිපත් කළේය.

නමුත් මේ වන විට සෑම අමාත්‍යාංශයකින්ම සිදු කරන්නේද ඉදිකිරීම් පමණක් බවද කියා සිටියේය. පසුගිය වසරේ අධ්‍යාපන අමාත්‍යාංශයේ බලධාරීන් හා විශ්වවිද්‍යාල කුලපතිවරුන් සමග පැවති සාකච්ඡාවලදී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සාකච්ඡා සිදු කර නොමැති බවත්, සිදුකර තිබෙන්නේ ගොඩනැගිලි ඉදිකිරීම් සඳහා සාකච්ඡා පමණක් බවත් අනාවරණය කළේය.

කම්කරු අමාත්‍යාංශයට විශාල ගොඩනැගිලි දෙකක් තිබෙන නමුත් තවමත් ජනතාවගේ පෝලිම්වල අඩුවක් දක්නට නොලැබෙන බවත් ඒ සඳහා විසඳුම් ලබා දීමට නම් ඩිජිටල්කරණය අත්‍යවශ්‍ය බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ඩිජිටල් ආර්ථිකය මගින් ඉදිරි වසර පහ ඇතුළත අමෙරිකානු ඩොලර් බිලියන 15ක ආදායමක් ඉපැයීමට ද අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

රිකල්ටන් ටෙස්ට් ක්‍රිකට් දිවියේ පළමු ශතකය රැස්කරන විට ලහිරු කුමාර ජාත්‍යන්තර ටෙස්ට් කඩුලු 100 පසු කරයි..

රිකල්ටන් ටෙස්ට් ක්‍රිකට් දිවියේ පළමු ශතකය රැස්කරන විට ලහිරු කුමාර ජාත්‍යන්තර ටෙස්ට් කඩුලු 100 පසු කරයි..

ඩිජිටල් ශ්‍රම බලකාය ලක්ෂ 2දක්වා වැඩි කිරීම, සමස්ත රටම ඩිජිටල්කරණය ඉදිරි වසර පහ තුළ ඉටු කිරීමට අදාළ ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීමට මෙහිදී අවධානය යොමු කෙරිණි.

ඉංජිනේරු එරංග වීරරත්න මහතාද මෙම අවස්ථාවේ ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ වැඩ භාර ගත්තේය.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල, ඩිජිටල් කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක, ICTA ආයතනයේ සභාපති හාන්ස් විජේසූරිය යන මහත්වරු ඇතුළු නිලධාරින් පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

You may like this video

ReeCha