මගේ රටේවත් මෙහෙම නෑ..නැති වූ පමාවෙන් සොයා දුන් පොලිසියේ ඉක්මන් වැඩ ගැන විදෙස්කත විමතියට..(PHOTOS)
උඩරට මැණිකේ දුම්රියේ ගමන් කරන අතරතුර සිය ජංගම දූරකථනයෙන් අවර සුන්දරත්වය වීඩියෝගත කරමින් ගිය විදේශික කතකට අමානුෂික අන්දමින් පහර දී ඇයගේ ජංගම දූරකථනය පැහැරගත් සැකකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (04) දින ධාවනය වූ උඩරට මැණිකේ දුම්රියේ දී මෙම සිදුවීමට මුහුණ පා ඇත්තේ ස්පාඤ්ඤ ජාතික කාන්තාවකි .
ඇයට සැකකරුවන් විසින් පොල්ලකින් පහර දී තිබේ .
කෙසේවෙතත් සැකකරුවන් ව වටවල පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබූ අතර හැටන් මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේ ඔවුන්ව එළඹෙන 18 තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසටයි.
රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ වටවල පොලිස් වසමට අයත් රොසැල්ල සහ විග්ටන් වතුයායේ පදිංචි 23-26 වයස් කාණ්ඩයේ පසුවන සැකකරුවන් දෙදෙනෙක්.
ස්පාඤ්ඤ ජාතික ඇල්පා මාරියා 36 හැවිරිදි කාන්තාව සතු ජංගම දූරකථනය රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා බවත් හෙළිව තිබෙනවා.
පහරදීමෙන් ඇයගේ හිසට ද තුවාල සිදු වී ඇති අතර සිදුවීම ගැන ඇය විසින් ඇල්ල සංචාරක පොලිසියට ද පැමිණිලි කරනු ලැබුවා. හැටන් දුම්රිය ස්ථානයේ දුම්රිය ස්ථානාධිපති ජානක ප්‍රනාන්දු මහතා වෙත දුම්රිය මාර්ගයේ සංචාරක මුරකරු විසින් ඒ සම්බන්ධයෙන් දැනුම්දීමෙන් පසු දුම්රිය ස්ථානාධිපතිවරයා විසින් ක්ෂණිකව වටවල පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක චන්දන ගමගේ මහතා වෙත සිදුවීම සම්බන්ධයෙන් දැනුම්දෙනු ලැබූ බවයි පැවසෙන්නේ.
දින ගණනාවක් ගතවීමට පෙර සංචාරක කාන්තාවගේ කොල්ලකෑ ජංගම දූරකථනය ද ඇය භාරයට පත් කිරීමට හැටන් පොලිසිය සහ හැටන් දුම්රිය ස්ථානයේ නිලධාරීන් කටයුතු කළා.
කෙසේවෙතත් සොයා ගැනුණු ජංගම දූරකථනය ස්පාඤ්ඤ ජාතික කාන්තාවට අද පෙරවරුවේ දී වටවල පොලිසිය විසින් පොලිස් ස්ථානයට ගෙන්වා යළිත් පිරිනමනු ලැබුවා.
ඇය ඉන්පසුව මාධ්‍යයට සඳහන් කර ඇත්තේ;
” මගේ රටේවත් මෙච්චර ඉක්මනට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේ කරපු සේවයට ශ්‍රී ලංකා පොලිසියට වගේම දුම්රිය දෙපාර්තමේන්තුවටත් ස්තුතියි..” යනුවෙන් ඇය පැවසුවා. ඉන් අනතුරුව ඇය නැවතත් උඩවල සංචාරය සඳහා පිටත්ව ගිය බවයි වාර්තා වන්නේ.
You may like this video