කල්මුණේ සහ සයින්දමරුදු සීමා නිර්ණයෙන් පසු ඡන්ද විමසීමට අදාළ ක්‍රියාමාර්ග ප්‍රකාශයට පත්කරන බවට මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

Report

කල්මුණේ මහනගර සභාවේ සහ සයින්දමරුදු නගර සභාවේ සීමා නිර්ණ කටයුතු අවසන් වූ පසු ඡන්ද විමසීමට අදාළ ක්‍රියාමාර්ග ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

ඒ අනුව මැතිවරණ කොමිශන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා ප්‍රකාශ කළේ අදාළ පළාත් පාලන ආයතන දෙකෙහි සීමා නිර්ණ කටයුතු තවදුරටත් අවසන් වී නොමැති බවයි.

එසේම කල්මුණේ මහනගර සභාවේ සහ සයින්දමරුදු නගර සභාවේ කටයුතු ආරම්භ කළ යුතු දිනය ලෙස ලබන වසරේ මාර්තු 15 වන දින ලෙස නියම කරමින් රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

තෙල් මිල ගැන ලෝකෙටම සුබ ආරංචියක් - අගෝස්තු මාසයෙන් පසු වාර්තා වූ අවම අගය දක්වා මිල ගණන් පහළට

තෙල් මිල ගැන ලෝකෙටම සුබ ආරංචියක් - අගෝස්තු මාසයෙන් පසු වාර්තා වූ අවම අගය දක්වා මිල ගණන් පහළට

ඒ අනුව මහ නගර සභා සහ නගර සභා ආඥා පනතට අනුව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව ඉකුත් ඔක්තෝබර් මස 13 වන දින අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර ඇති බව සඳහන්.

කෙසේ වුවත් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන්නේ අදාළ පළාත් පාලන ආයතනවල ඡන්දය පැවැත්වීමට පෙර ඒවායේ සීමා නිර්ණ කටයුතු සිදු කර කොට්ඨාශ වෙන්කළ යුතු බවයි.

එම කටයුතු සඳහා ජාතික සහ දිස්ත්‍රික් ලෙස සීමා නිර්ණ කමිටු 2ක් පත්කර ඇති අතර එම කමිටු වාර්තා අනුව කොට්ඨාශ ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.

මේ අතර කොට්ඨාශ ප්‍රකාශයට පත්කිරීමට අදාළ ගැසට් නිවේදනය පළකිරීමෙන් අනතුරුව කල්මුණේ මහනගර සභාවේ සහ සයින්දමරුදු නගර සභාවේ ඡන්දය පැවැත්වීමට අදාළ නාමයෝජනා කැදවීමේ දිනය ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පවසයි.  

සුළු මොහොතකට පෙර නිවේදනයක් - අද පස්වරු 2.00 න් පසු වෙන්නේ මේකයි

සුළු මොහොතකට පෙර නිවේදනයක් - අද පස්වරු 2.00 න් පසු වෙන්නේ මේකයි

ගෘහ ජීවිතය තෘප්තිමත් වන අද දවස මේ ලග්නවලට ඉතා සුබදායකයි - දවසේ ලග්න පලාපල මෙන්න

ගෘහ ජීවිතය තෘප්තිමත් වන අද දවස මේ ලග්නවලට ඉතා සුබදායකයි - දවසේ ලග්න පලාපල මෙන්න

ජනවාරි 1 සිට වැටුප් වැඩිවෙන්නේ මේ විදිහටයි - විවිධ ශ්‍රේණිවලට වැටුප් වැඩිවෙන ආකාරය ගැන සංඛ්‍යා ලේඛණ එළියට

ජනවාරි 1 සිට වැටුප් වැඩිවෙන්නේ මේ විදිහටයි - විවිධ ශ්‍රේණිවලට වැටුප් වැඩිවෙන ආකාරය ගැන සංඛ්‍යා ලේඛණ එළියට