කොහුවල මාරක අනතුරක් - සිසුවෙක් ජීවිතක්ෂයට - තිදෙනෙක් රෝහලට
By Kaushi
ඊයේ (23) සවස කොහුවල දී සිදුවූ රිය අනතුරකින් සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.
ඒ අනුව මෙම අනතුර සිදුව ඇත්තේ කොහුවල පොලිස් වසමේ එස්. ද එස්. ජයසිංහ මාවතේදී නුගේගොඩ දෙස සිට කොහුවල දෙසට ධාවනය වූ කාර් රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව යතුරුපැදියක හා කාර් රථයක පිටුපස ගැටී කාර් රථය ඉදිරියට ධාවනය වී අසළ බස් නැවතුම්පළෙහි සිටි සිසුවාගේ ගැටීමෙන්.
එහිදී නැවතත් කාර් රථය ප්‍රධාන මාර්ගය දෙසට ධාවනය වී මාර්ගයේ ධාවනය වූ තවත් යතුරුපැදියක් හා කාර් රථයක ගැටී ඉදිරියට ඇදී ගොස් වෑන් රථයකද ගැටී ඇති බව සඳහන්.
එමෙන්ම අනතුරින් බරපතළ තුවාල ලැබූ සිසුවා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවයි මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත.
එමෙන්ම මියගිය සිසුවා අවුරුදු 16ක් වූ නුගේගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව වාර්තා වේ.
ඊට අමතරව මෙම අනතුරින් තුවාල ලැබූ තිදෙනෙකු කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇත.