රිකල්ටන් ටෙස්ට් ක්‍රිකට් දිවියේ පළමු ශතකය රැස්කරන විට ලහිරු කුමාර ජාත්‍යන්තර ටෙස්ට් කඩුලු 100 පසු කරයි..
ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර Gqeberha හිදී ආරම්භ වූ දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයට තරගය අද (5) නතර කරන විට පළමුව පන්දුවට පහරදෙමින් සිටි දකුණු අප්‍රිකාව කඩුලු 7ක් දැවී ලකුණු 269ක් රැස්කරගෙන සිටියේය.
දකුණු අප්‍රිකානු ඉනිම ඔසවා තැබූ රයන් රිකල්ටන් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ පළමු ශතකය රැස්කරමින් ලකුණු 101ක් ඉනිමට එක් කළේය.
පන්දු 250කට මුහුණදුන් රිකල්ටන්ගේ ඉනිම තුළ හතරේ පහර 11ක් ඇතුළත් විය.
ඔහුට අමතරව මෙම තරගයේදී ද සාර්ථක වූ නායක ටෙම්බා බවුමා ලකුණු 78ක් රැස්කිරීමට සමත් විය.
අද දිනයේ ශ්‍රී ලංකාවේ සාර්ථකම පන්දු යවන්නා වූ ළහිරු කුමාර ලකුණු 54කට කඩුලු 3ක් දවාගත්තේය.
හැමෝම අත්අඩංගුවට ගන්නවා..එතකොට අරයට මොනවද කලේ..නීති දෙකක් බෑ..දයාසිරිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..(VIDEO)
ඊට අමතරව අසිත ප්‍රනාන්දු ලකුණු 67කට කඩුලු 2ක්ද, විශ්ව ප්‍රනාන්දු හා ප්‍රබාත් ජයසූරිය එක් කඩුල්ල බැගින්ද දවාගැනීමට සමත් විය.
එසේම අප්‍රිකා කණ්ඩායමේ ආරම්භ පිතිකරුවෙක් වන Aiden Markramගේ කඩුල්ල දවා ගැනීම සමඟ ලහිරු කුමාර ජාත්‍යන්තර ටෙස්ට් කඩුලු 100 පසුකළර අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් කඩුලු 100 වාර්තා කළ 9වන පන්දු යවන්නා ලෙස ඔහු වාර්තා විය.
You may like this video