මහ රෑ හිමිවරුන් දෙනමකට පොලු වලින් පහර දුන් නරුමයින්..
වලල්ලාවිට ශ්‍රී සුවිසුනන්ද්‍රාරාම විහාරාධිපති හිමියන්ට හා විහාරවාසී හිමි නමකට පසුගිය දා රාත්‍රී 11.00ට පමණ කිසියම් පුද්ගලයෙකු පොල්ලකින් පහරදීමෙන් තුවාල ලැබූ භික්ෂු දෙනම ඇල්පිටිය රෝහලට ඇතුළත් කර ඇත.
මෙසේ රෝහල් ගතකර ඇත්තේ විහාරාධිපති ඌවමාරවල සුමේධ සහ විහාරවාසී අනුරපුර සුමිත යන හිමිවරුන්ය.
විහාරාධිපති හිමියන් රාත්‍රියේ ආවාසගෙට යමින් සිටියදී කිසියම් පුද්ගලයෙකු පොල්ලකින් හිසට පහරදී ඇති බවත් උන්වහන්සේ කෑ ගසාගෙන විහාර මන්දිරය දෙසට දිව යද්දී විහාරස්ථානයේ වැඩ සිටි අනුරපුර සුමිත හිමියන් ආවාස ගෙයි දොර විවෘත කර එළියට පැමිණෙද්දී එම හිමි නමගේ වම් අතට ද පොලු පරහක් එල්ලකර ඇති බව පොලිසිය කියයි.
පහරදුන් පුද්ගලයන් මෙතෙක් හඳුනාගෙන නොමැති අතර අමනාපයෙන් පසුවන තවත් හිමිනමකගේ අනුදැනුම ඇතිව මෙම පහරදීම සිදු වන්නට ඇතැයි සැකකරන බව පැමිණිල්ලේ සඳහන් කර ඇත.
මීගහතැන්න පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |