කොවිඩ් වලින් මියගිය පිරිස පිළිබඳ භයානක හද සසල කරවන අනාවරණයක් (VIDEO)
කොවිඩ් ආසාදනය හේතුවෙන් මියගිය පුද්ගලයින් පිළිබඳ අද (13) සෞඛ්‍ය අංශ විසින් අනාවරණයක් සිදුකළේය. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ මාධ්‍ය හමුවට එක්වෙමින්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාතෘ හා ළමා සෞඛ්‍ය අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය ඒ පිළිබඳ අදහස් දැක්වුවාය.
එහිදී ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියේ, තුන්වන කොවිඩ් රැල්ලේ දී ගර්භණී මව්වරු 60 දෙනෙක් හා අවුරුදු 18ට අඩු දරුවන් 89 දෙනෙක් මේ වන විට කොවිඩ් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවය. වැඩිදුරටත් අදහස් දැක්වු විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය,
"ගර්භණී මව්වරුන් 60 දෙනෙක් පමණ ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා කොවිඩ් රෝගය නිසා. මේ සියලුම මරණ සිදුවුණේ කොවිඩ් තුන්වන රැල්ලෙන් පසුව. අවුරුදු 18ට අඩු දරුවන් 89 දෙනෙක් කොවිඩ් රෝගය නිසා මරණයට පත්වෙලා තියෙනවා.
ගර්භණී මව්වරුන්ට ත් බූස්ටර් මාත්‍රාව ලබාගන්න පුළුවන්. බූස්ටර් එන්නත ලබාගන්නේ කලින් සයිනොෆාම් හෝ වෙනත් එන්නත් දෙකක් ගර්භණී වීමට පෙර ලබාගෙන තියෙනවා නම් ඊළඟ ගර්භණී අවස්ථාවේ දී මේ මව්වරුන්ට ෆයිසර් බූස්ටර් මාත්‍රාවක් ලබාගෙන රෝගයෙන් ආරක්ෂා වීමට පුළුවන්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |