ශ්‍රී ලංකාව රන් අකුරින් ලියැවෙයි - රනින් ඉතිහාසගත වූණ වාර්තාව.. පදක්කම් රැසක් ලංකාවට.. (PHOTOS)
Sri Lanka
By krishani
අද (04), ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර් 800 ඉසව්වේ රන් පදක්කම හිමිකර ගැනීමට තරුෂි කරුණාරත්න සමත් විය.
එයට ඇය ගත කළ කාලය මිනිත්තු 2:03.20 ක් වේ.
එමෙන්ම එම ඉසව්වේ රිදී පදක්කම ඉන්දියාව හිමි කරගනු ලැබීය.
එහිදී ලෝකඩ පදක්කම චීනය හිමි කර ගත්තේ ය.
කෙසේ වෙතත්, 2002 වසරෙන් පසුව ආසියානු ක්‍රීඩා උළෙලේ මළල ක්‍රීඩා ඉසව්වකින් ශ්‍රී ලංකාව රන් පදක්කමක් හිමිකරගත් පළමු අවස්ථාව මෙය ලෙස ඉතිහාසයට එක් විය.
මේ අතර ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර් 400 හතර සහාය දිවීමේ තරගයේ ලෝකඩ පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකා සහාය දිවීමේ කාන්තා කණ්ඩායම සමත් විය.
එමෙන්ම ආසියානු ක්‍රීඩා උළෙලේ 400 හතර පිරිමි සහාය දිවීමේ තරගයේ ලෝකඩ පදක්කම ද හිමිකර ගැනීමට ශ්‍රී ලංකා සහාය දිවීමේ කණ්ඩායම සමත් විය.
