දිනා ගත්ත එක ආපහු ගනී - ශ්‍රී ලංකාවේ පදක්කම් සිහිනය..

Sri Lanka
By krishani Oct 02, 2023 02:08 PM GMT
krishani

krishani

Report

අද (02) වසර 17කට පසුව ආසියානු ක්‍රීඩා උළෙලක දී මලල ක්‍රීඩා ඉසව්වකින් ශ්‍රී ලංකාවට පදක්කමක් හිමිකර ගැනීමේ අවස්ථාව අහිමි විය.

මීටර් 400 හතර මිශ්‍ර සහාය දිවීමේ ඉසව්වට එක් වූ ශ්‍රී ලංකා මිශ්‍ර සහාය දිවීමේ කණ්ඩායම දෙවන ස්ථානය හිමිකර ගනු ලැබීය.

නමුත් එය නීතිවිරෝධී ජයක් බවට තරග බලධාරීන් තීරණය කළේ ය.

ඒ තරගයට එක් වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයෙකු වෙනත් අයෙකුගේ මංතීරුව ස්පර්ශ කිරීම හේතුවෙන් ය.

එම පදක්කම හිමි වූයේ නම් 2006 වසරෙන් පසුව ශ්‍රී ලංකාව ආසියානු ක්‍රීඩා උළෙලකදී මලල ක්‍රීඩාවෙන් දිනාගත් පළමු පදක්කම බවට මෙය පත් වේ.

අරුණ දර්ශන, නදීෂා රාමනායක, කාලිංග කුමාරගේ සහ තරුෂි දිල්සාර මෙම ඉසව්වේ දී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළහ.

කෙසේ වෙතත්, මෙම තීරණය සම්බන්ධයෙන් මේ වන විට ශ්‍රී ලංකාව අභියාචනයක් ඉදිරිපත් කර ඇත.

ReeCha