ලාංකේය කලා ලෝකයේ තවත් ප්‍රවීණයෙකු මියයයි
ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු, පිටපත් රචකයෙකු මෙන්ම චිත්‍රපට නිෂ්පාදකවරයෙකු ද වූ කුසුම් චන්ද්‍ර ගමගේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ මිය යන විට ඔහු 79 වන වියේ පසු වූ අතර ඔහුගේ අතින් අධ්‍යක්ෂණය වූ නිර්මාණ රැසකි.
ඒ අතරින්, "ජයශක්ති, මුතු සළඹ, ආත්ම වර්ෂා, නෝ ප්‍රොබ්ලම් ඩාලිං, ඉන්ස්පැක්ටර් ගීතා, ෆ්‍රස්ට් ලව් පුජා, විජ්‍රයග්‍රහණය. වැනි ජනප්‍රිය චිත්‍රපට රැසක් කුසුම් චන්ද්‍ර ගමගේ මහතා විසින් අධ්‍යක්ෂණය කොට තිබෙනවා.
එමෙන්ම පූර්ණිමා, සුමේරු, නිසංසලා ආදී ටෙලි නාට්‍ය රැසක් ද අධ්‍යක්ෂණය කර ඇති ඔහු කුණ්ඩල කේසි, සක්විති රජ, මරුසිරා ඇතුළු වේදිකා නාට්‍ය රැසක ද නිර්මාණකරුවායි.
කුසුම් චන්ද්‍ර ගමගේ මහතාගේ දේහය කොස්ගම පහළගොඩගම ඒ මහතාගේ නිවසේ තැම්පත් කර ඇති අතර අවසන් කටයුතු ලබන අඟහරුවාදා (12) කොස්ගම සුදුවැල්ල පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිත බව සඳහන්. කලා ලෝකයට සුන්දර නිර්මාණ රැසක් බිහිකරු එතුමාට අමාමහ නිවන් සැප ලැබේවා.
