සල්ලි එකතු කරලා ඒ මදිවට ඒවා බෙදලත් දීලා..සල්ලි එකතු කරපු හේතුව ඇහුවම පොලිසියේ ඇසුත් උඩ ගිහින්..

Report

බ්‍රිතාන්‍ය රාජ්‍යයේ සිට ත්‍රස්තවාදී කණ්ඩායමකට මුදල් එකතු කළ පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ අදාළ සැකකරු විසින් එලෙස එක් රැස් කළ මුදල් කොළඹ හා වන්නි ප්‍රදේශයේදී බෙදා හැර ඇති බවය.

පාරිභෝගික කටයුතු අධිකාරියෙන් මෙන්න මේ ඇය ගැන විශේෂ අවධානයක්..ඔයත් මේ අතරේද බලන්න..

පාරිභෝගික කටයුතු අධිකාරියෙන් මෙන්න මේ ඇය ගැන විශේෂ අවධානයක්..ඔයත් මේ අතරේද බලන්න..

අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 43ක් වන කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචිව සිට 2009 වසරේදී මෙරටින් පිටව ගොස් බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ලබා ගත් අයෙකි.

කොළඹ උතුර අපරාධ කොට්ඨාසය විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් විදෙස් ගමන් තහනම් නියෝගයක් මත සැකකරු ඊයේ (30) කටුනායක ගුවන්තොටුපොළට පැමිණි අවස්ථාවේදී ආගමන හා විගනන අංශය සිය භාරයට ගෙන ගුවන්තොටුපොළ පොලීසිය දැනුවන් කර තිබේ.

ලග එන උත්සව සමයේ වෙළඳපොළේ කුකුළු මස් සහ බිත්තර වලට මොකක් වෙයිද..

ලග එන උත්සව සමයේ වෙළඳපොළේ කුකුළු මස් සහ බිත්තර වලට මොකක් වෙයිද..

ඒ අනුව ගුවන්තොටුපොළ පොලීසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධව ගුවන්තොටුපොළ පොලීසිය හා කොළඹ උතුර අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරයි.  

You may like this video