පාරිභෝගික කටයුතු අධිකාරියෙන් මෙන්න මේ ඇය ගැන විශේෂ අවධානයක්..ඔයත් මේ අතරේද බලන්න..

Sri Lanka Consumer Protection Festival Ministry of Consumer Affairs Authority Sri Lanka Market
By Piyumika Dec 01, 2024 04:30 AM GMT
Piyumika

Piyumika

Report

උදා වී ඇති දෙසැම්බර් උත්සව සමයේදී පාරිභෝගිකයන්ට වෙළෙඳපොළ තුළදී සිදුවිය හැකි අසාධාරණකම් වැළැක්වීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරීය විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ.

ඒ අනුව අද (01) දිනයේ සිට ජනවාරි 15 දින දක්වා සිල්ලර වෙළඳසැල් සහ සුපිරි වෙළඳසැල් වැටලීම් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත. එම අධිකාරිය පැවසුවේ උත්සව සමය තුළ පාරිභෝගිකයන් වැඩි වශයෙන් මිලදී ගන්නා ඇඳුම් පැළඳුම්, කල් පවත්නා භාණ්ඩ, විදුලි උපරකණ හා අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවි කරනු ලබන වෙළඳසැල් වෙත විශේෂ අවධානයක් යොමු කිරීමට නියමිත බවය.

ලග එන උත්සව සමයේ වෙළඳපොළේ කුකුළු මස් සහ බිත්තර වලට මොකක් වෙයිද..

ලග එන උත්සව සමයේ වෙළඳපොළේ කුකුළු මස් සහ බිත්තර වලට මොකක් වෙයිද..

මෙම වැටලීම් සිදු කිරීමේදී භාණ්ඩවල සඳහන් මිලට වෙළඳසැල් තුළ විකිණීම, භාණ්ඩ මිල සඳහන් කර ප්‍රදර්ශනය කර විකිණීම, භාණ්ඩ විකිණීමේදි විධිමත් බිල්පත් නිකුත් කිරීම මගින් විධිමත් වෙළඳාමක් සිදුවන බවට විමසිලිමත් වීම සම්බන්ධව වැඩි අවධානයක් යොමු කිරීමට ද නියමිතව තිබේ.

මීට අමතරව ජංගම වෙළඳුන් සහ සේල් වැනි ක්‍රියාකාරකම් පිළිබඳව ද එම අධිකාරිය විශේෂ අධීක්ෂණයට ලක් කිරීමට නියමිතය.

ලොවම කඳුළු සාගරයේ ගිල්වා ඔහු යන්නම ගිහින්..

ලොවම කඳුළු සාගරයේ ගිල්වා ඔහු යන්නම ගිහින්..

මේ අතර එහිදී කල් ඉකුත් වූ සහ තොරතුරු වෙනස් කරමින් නොයෙකුත් භාණ්ඩ වෙළඳපොළ වෙත පැමිණීමේ ඉඩකට වැඩි බැවින් ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමුකරමින් පසුගිය දින කිහිපය පුරාව වැටලීම් සිදුකරනු ලැබූ තොග අලෙවිසැල් හා ගබඩා පරීක්ෂා කිරීම් තවදුරටත් අඛණ්ඩව ඉදිරියට සිදු කරමින් පවතින බවද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසීය.

එමෙන්ම මේ සම්බන්ධව මහජනතාවට පැමිණිලි ඇත්නම් 1977 දරන දුරකථන අංකය වෙත තොරතුරු ලබා දිය හැකි බවද එම අධිකාරිය මහජනතාවට දැනුම්දී තිබේ.  


You may like this video

ReeCha